බලහත්කාරයෙන් පාසලකට ලෙස ඇතුළු වී සිසුවකුගේ පියකුට පහර දුන් බවට චෝදනා එල්ල වී සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකු සතියකට පසුව

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බවයි.

පාසලකට අයුතු ලෙස ඇතුළු වීමේ චෝදනාව මත සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසදීමට බලකරමින් මාස 3 කට වැඩි කාලයක් තිස්සේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන අරගලයට සහාය දක්වමින් නොවැම්බර් 03 වැනි බදාදා දිවයින පුරා පාසල්වල දරුවන්ගේ දෙමව්පියන් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණ දියත් කර තිබුනි.

ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුනේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති එවැනි විරෝධතාවයක යෙදී සිටි පියෙකුට පහර දී ඇති බවයි.

"මාවනැල්ල මෙඩේරිගම විදුහලේ දෙමව්පියන් ද එලෙස උද්ඝෝෂණයේ යෙදී සිටියදී එම ස්ථානයට පැමිණි මාවනැල්ල ප්‍රදේශිය සභාවේ උප සභාපති කේ. ජී පියතිස්ස මන්ත්‍රීවරයා හා තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් දෙමව්පියන් එළවා දමමින් පාසල් භුමිය තුළ දී දරුවෙකුගේ පියෙකුට පහර දී ඇත."

චෝදනාවට  ලක්ව සිටින ප්‍රදේශිය දේශපාලඥයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දිගින් දිගටම පොලීසියට චෝදනා කළේය.

ඔවුන් අනතුරු අගවා තිබුනේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක නොකලහොත් මාවනැල්ල ප්‍රදේශිය සභා උපසභාපතිවරයා සිදු කළ මෙම පහරදීමට හා දෙමාපියන් පාසලෙන් එළවා දැමීමටත්, පාසලට බලහත්කාරයෙන් ඇතුල්වෙමින් ගුරුවරුන්ට තර්ජනය කිරීමට එරෙහිවත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කටයුතු යොදන බවයි.

නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා කරමින් මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 137 ක ගුරුවරුන්  මාවනැල්ල පොලීසිය ඉදිරිපිටට පැමිණ පසුගියදා දැවැන්ත  විරෝධයක්ද පල කර තිබුනි.




THE LEADER TV

 

මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip


සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්