සැබෑ දේශප්‍රේමියකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර සිය දිවි සැරියෙන් සමුගෙන තෙමසක් පූර්ණය වන,

එළඹෙන නොවැම්බර් මස 23- 26 සිව් දින පුරා ආගමික වතාවත් හා උපහාරාත්මක අනුස්මරණ වැඩසටහන් සිදු කිරීමට 'සමරවීර පදනම' විසින් කටයුතු යොදා ඇත.

 ඒ අනුව,


තෙමස් පූර්ණ ධර්ම දේශනය : නොවැ. 23  

තෙමස් පූර්ණ ධර්ම දේශනය ගෞරවනීය පූජ්‍ය පණ්ඩිත ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසින් සිදුකරනු ලැබේ. රාත්‍රී 07 සිට රාත්‍රී 8.00 දක්වා සිදුකෙරෙන එම ධර්ම දේශනාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවී විකාශය කිරීමට කටයුතු යොදා ඇත.



සපිරිකර සංඝගත දක්ෂිණාව : නොවැ. 24


භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා : නොවැ. 25 කොළඹදී

දිවංගත මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ  2021 නොවැම්බර් මස 25 පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, අංක 483  දරන ‘’රෙස්පෙක්ට්’’ ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇත.



මාතර ජනතාවගේ උපහාරය : නොවැ. 26 මාතර දී


මාතර දිස්ත්‍රීක්කයට සුවිශාල සේවාවක් ඉටුකල මංගල සමරවීර මහතාට මාතර ජනතාවගේ උත්තමාචාරය පුදකිරීමට ද සංවිධායක කමිටුව විසින් අවස්ථාවක් ලබාදී ඇත. ඒ අනුව එතුමාගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා 2021  නොවැම්බර් මස 26 පස්වරු 2.00   සිට පස්වරු 4.00  දක්වා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළඳ පොළ ගොඩනැගිලි පරිශ්‍රයේ තැන්පත් කරනු ඇත.

අනතුරුව පස්වරු 4.00 ට එම භෂ්මාවශේෂ මාතර අනගාරික ධර්මපාල මාවත හා හක්මණ පාර ඔස්සේ මාතර පොදු සුසාන භූමිය දක්වා රැගෙන ගොස් තැන්පත් කරනු ඇත.

 2021 නොවැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ පුද්ගලිකව පැමිණ ගෞරව දැක්වීමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් ආරක්ෂණ නීති රීති අනුගමනය කරන මෙන් 'සමරවීර පදනමේ' සභාපතිනි ජයන්ති සමරවීර ගුණවර්ධන කාරුණික ඉල්ලීමක් කර සිටියි.

Mathaka Mangala Final 01


The Leader TV  

 

මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

   

 

සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්