දිනෙන් දින ඉහල යන බඩු මිල හමුවේ පීඩාවට පත්ව රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහල යමින් පවතී.


මෙසේ රටින් පිටවීමට උත්සාහ කරන පුද්ගලයන් පවසන්නේ ඉහල යන ජිවන වියදම, නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තවදුරටත් ජිවත් වීම අනාරක්ෂිත බැවින්, නිල හෝ නිල නොවන අයුරින් හෝ සංවර්ධිත රටකට යායුතු බවයි.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනයාගේ දිගු පෝලිම් රූපරාමු සමඟ මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින් රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ  පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම සමගය.

මෙම පිරිස කල්පිටිය ප්‍රදේශයට ගමන් කළ වෑන් රථයක් බාරයට ගෙන රියදුරු සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

එක් කාන්තාවක් හා කුඩා දරුවන් හතර දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස කිලිනොච්චිය, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

ඉකුත් ජුනි මාසයේ දී  මෙවැනි පිරිසක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ කැනඩාව බලා යාත්‍රා කිරීමට කර්ණාටක ප්‍රාන්තයේ මන්ගලුරු නගරයේ රැඳී සිටියදියි.

 තමිල්නාඩු පොලිසියේ ඔත්තු සේවාවන්ට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමේදී ශ්‍රී ලාංකිකයන් 38 දෙනකු සහ ඔහුන්ට ආහාර පාන සපයමින් සහයෝගය දුන් ඉන්දියානුවන් හය දෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව ජාවාරම්කරුවන් විසින් කැනඩාව බලා රැගෙන යාමට එක් අයෙකුගෙන් ලබා ගෙන ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ දහයකි.

නිල නොවන අයුරින් රටින් පිටවීම සඳහා තැත් කළ තරුණයන් 30 දෙනෙකු  හලාවත, ඉරණවිල, සමිඳුගම ප්‍රදේශයේ රැඳී සිටියදී ශ්‍රීලංකා නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මැයි මාසයේදීයි.

අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් මෙම පිරිස රැඳී සිටී නිවසේ හිමියා ද අත් අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පවසන්නේ අඩංගුවට ගත් මේ පිරිස යාපනය, මඩකළපුව, මුලතිවු සහ පුත්තලමේ පදිංචි කරුවන් බවයි.


රටින් පිටවීම ඉහල යාමත් සමඟ අගමැති මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ ආණ්ඩුවේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතු බවයි. ''පසු ගිය කාලයේ තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන් පාස් පෝට් පෝලිම් වල ඉන්නවා ද සොයා බලන්න ඕනෑ,'' යැයි ඉකුත් දා පැවති ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ පස් අවුරුදු සමරු සමුළුව අමතා අගමැතිවරයා පැවසීය.  




ආණ්ඩුවේ මතය !

fgdrt

මේ අතර රජයේ අමාත්‍යවරයකු පවසන්නේ, විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝළිම්වල සිටින්නේ වත්මන් රජය විශාල වශයෙන් විදෙස් රැකියා අවස්ථා උත්පාදනය කර ඇති නිසා බවයි.

අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය හමුවක් අමතමිනි.

එම පිරිස් මෙසේ විදේශ ගමන් බලපත්‍ර සූදානම් කරන්නේ ඊශ්‍රායලය ජපානය කොරියාව වැනි රටවල රැකියා මට යාමට බවද ඇමතිවරයා සඳහන් කරයි.

එම රටවල රැකියා වලට යාම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තෝරාගෙන ඇති බවත් එම පිරිස මෙසේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට එක්වීම නිසා තදබදයක් ඇති වී තිබෙන බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසීය.



උපුල් කුමරප්පෙරුමගෙන් අපුරු යෝජනාවක් !

අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විදෙස් රැකියා අවස්ථා ලබාගැනීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගේ නිවෙස් වලට යන්නයි යෝජනා කර ඇත්තේ, ඇමතිවරයාගේ ප්‍රකාශයට හාස්‍යයට ලක්කරමිනි.

එම සටහනේ මෙසේ සඳහන් වේ.

''ආණ්ඩුව රට රැකියා විශාල ප්‍රමාණයක් ඇතිකරලා. විදේශ රැකියාවලට යන්න ඕන අය පළාතේ ආණ්ඩුවේ  මන්ත්‍රීවරු ඇමතිවරු හමුවී අවස්ථාව රැකියා අවස්ථා ලබාගන්න ආකාරය දැන ගන්න. එවැනි දෙයක් නෑ කියල කිව්වොත් ඒක බොරුවක් මොකද මේ කියන්නෙ ඇමතිවරයෙක්, ඒ කියන්නෙ රැකියා අවස්ථා විකුණනව හෝ තමන්ගෙ අයට විතරක් දෙනව කියන එක.''

fgrtrte44


 

The Leader TV  

 

මළ පේ‍්‍රතයෝ රටින් පන්නන්න යෝජනාවක් එයි ! | මොණරවිලගේ ලියමන

  

මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

    

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්