නිශ්චිත හේතුවක් නොදන්වා නැගෙනහිර පළාතේ තවත් දෙමළ දේශපාලනඥයකු පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයකට කැදවා තිබේ.

 

පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රකුමාර් ප්‍රසන්තා නොවැම්බර් 11 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 10 ට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන විශේෂ අපරාධ විමර්ශන ඒකකයකට කැදවා ඇති බවයි.

සතියක් ඇතුලත පොලිසියට කැඳවන ලද මඩකලපුවේ තුන්වැනි ප්‍රාදේශීය දේශපාලකයා වන ඔහු ටෙලෝ සංවිධානයේ උප නායකයාද වේ.

රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සමුහ ඝාතනයකින් මරා දැමුවන් සිහිපත් කරමින් පහන් දැල්වීම ගැන මඩකළපුව මහ නගර සභාවේ තුරෙසිංහම් මදන් මන්ත්‍රීවරයා සහ දයාලකුමාර් ගෞරි මන්ත්‍රීවරිය ගෙන් ඉකුත් තුන්වැනිදා මඩකළපුව මුලස්ථාන පොලීසිය ප්‍රශ්න කොට තිබුණි.

වන්නියාර් වීදියේ සිය නිවසට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැඳවීමේ ලිපිය තමන්ට ලබා දුන් බව ඉන්ද්‍රකුමාර් ප්‍රසන්තා පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.

නිල පොලිස් ලේඛනයකින් කරන ලද කැඳවීමක් නොවන, නිල මුද්‍රාවක් හෝ නොමැති එහි 50041 යනුවෙන් පොලිස් නිලධාරියකුගේ අංකය දැක ගන්නට හැකිය.

පසුගිය මාස කිහිපය තුළ අවස්ථා කිහිපයකදීම උතුරු නැගෙනහිර ප්‍රදේශිය දේශපාලනඥයන් මෙන්ම මාධ්‍යවේදීන් සහ බහුජන ක්‍රියාධාරීන්ද  ප්‍රශ්න කිරීම් සදහා  ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය (CTID)  වෙත කැදවා තිබුනේත් නිශ්චිත හේතු නොදක්වමිනි.
hhuyuy

පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයකට කැඳවීමේ ලිපිය 

 

 


 

The Leader TV  

 

මළ පේ‍්‍රතයෝ රටින් පන්නන්න යෝජනාවක් එයි ! | මොණරවිලගේ ලියමන

  

මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්