එළඹෙන අයවැයෙන් යෝජිත වැටුප (වැටුප් විෂමතාව යෙන් 1/3 කොටස) එකවර ලබාදීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මුදල්

අමාත්‍යවරයා එකඟ වී ඇති බව ගුරු වෘත්තීය සමිත් අරගලයේ නියමුවන් වූ මහින්ද ජයසිංහ හා ජෝසප් ස්ටාලින් පවසයි.

ඒ අනුව ගුරු- මුල්ගුරු වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා එකඟත්වය පළකර තිබේ.



ගුරු වැටුප් ගැටලුවට විසඳුමක් යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග ගෙන් සමන්විත කැබිනට් අනු කමිටුව මෙම යෝජනාව ම කැබිනට් මණ්ඩලයට ගෙන ආ අවස්ථාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළකර තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අගෝස්තු 12 ද පළමු වරට රැස්වූ අතර, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධුරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන එම සාකච්ඡා සිදුවිය.

එම අමාත්‍ය අනු කමිටුවේ සාමාජික අමාත්‍ය විමල් වීරවංශ සැප්තැම්බර් 01 දා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදුණු ගුරු විදුහල්පති සේවයේ ගැටළු රැසකට සිය කමිටුව මඟින් විසදුම් ලබාදී ඇති බවයි.

කෙසේවුවද මුදල් අමාත්‍යවරයාගේ බලවත් විරෝධය හේතුකොට ගෙන එම අනු කමිටුවේ යෝජනා පසෙකට දැමීමට කැබිනට් මණ්ඩලයට සිදුවිය.

එහෙත්, දවසින් දවස ගුරු විදුහල්පති වර්ජනයට සිසුන්ගේ හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහය පලවෙමින් එම වෘත්තීය සමිති අරගලය දකුණේ මෙන්ම උතුරේද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වීමත් සමග ඉහත අනු කමිටුවේ යෝජනා පිළිගැනීමට මුදල් අමාත්‍යවරයාට ඊයේ (10) සිදුව තිබේ.


අනු කමිටුවට කැපිල්ලක් !


අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් ගත් තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාව දැක්වෙන රුපවාහිනී දර්ශනවලින් එම රැස්වීමට සහභාගී වී සිටි ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග අනු කමිටු සාමාජිකයින්ගේ රූපරාමු ඉවත්කර තිබීම සුවිශේෂී කාරණයකි.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කලේ විශේෂ මාධ්‍ය ඒකකයක් විසින් පටිගතකල එම රැස්වීමට අදාල රුපවාහිනී දර්ශන සංස්කරණයෙන් පසුව මාධ්‍ය ආයතනවලට ලබාදී ඇති බවයි.

එය පැහැදිලිවම මෙම වර්ජනය නිමා කිරීමේ ගෞරවය බැසිල් රාජපක්ෂ වෙත හිමිකර දීමේ උවමනාවෙන් සැලසුම් සහගතව සිදුකල මෙහෙයුමක් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.



සබැඳි පුවත් :


අගමැති-මුදල් ඇමැති පොරොන්දුවෙන් ගුරු සටන ඉවරද?

උතුර දකුණ එක්වී පැවැත්වූ 'ජාතික විරෝධතා දිනය' සාර්ථකයි



THE LEADER TV
 

මළ ප්‍රේතයෝ රටින් පන්නන්න යෝජනාවක් එයි !
 


මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්