කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක්,
ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධි විධාන ප්‍රකාරවයි.
ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා එම නියෝග බලපැවැත්වෙනු ඇත.
ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම්, අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව, ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර දෙන උපරිම තැනැත්නන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කර ඇති බවයි.
යම් තැනැත්තෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරමින් යම් ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර ලබාදීම හෝ ඊට සහභාගීවීම නොකළ යුතු බව ද නව නියෝගවල සඳහන් ය.
රජය විසින් කඩිමුඩියේ මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, ඉදිරිදින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය විසින් කොළඹදී සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාර අත්හිටුවීමේ පියවරක් ලෙසින් බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ.
ජනාධිපතිවරයා ඊයේ දින ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විපක්ෂය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවකි.
එජාප විරෝධතාවට 12 හවස 4.30 ට @ ලිප්ටන් වටරවුම
මැද පන්තිය විනාශ කළා,
ගොවි ජනතාව විනාශ කළා,
වැඩකරන ජනතාව මුලා කළා,
මුළු රටම කම්මුතු කළා ..
යන තේමාවෙන් යුතුව එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රීක් සංවිධානය විසින් සංවිධානය කෙරෙන උද්ඝෝෂණයක් හෙට ( නොවැ 12) සවස 4.30 ට කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වේ. අනතුරුව එවැනි විරෝධතා දිස්ත්‍රීක් මට්ටමින් පැවැත්වීමට එජාපය කටයුතු යොදා තිබේ.
සජබ විරෝධතාවය : 16 දා සවස @ කොළඹ හයිඩ් පිටිය
ලබන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී දැවැන්ත විරෝධතාවයක් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇතත් රජයේ නව ගැසට් නිවේදනය අනුව එම විරෝධතාව පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව දැනගනන්ට ඇත.
මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන