Covid-19 වසංගතය හේතුවෙන් වසර දෙකක පමණ තරග නියඟය නිමා කරමින් 2021 වසරේදී මුල්වරට සංවිධානය කෙරුණු ඇතුගල වෙඩි තැබීමේ

ශූරතාවලිය (යෞවන හා කනිෂ්ඨ) 2021 ඔක්තෝබර්  22 සිට 26 දක්වා කුරුණෑගල, උහුමීය ඇතුගල මීටර් 10 වෙඩි තැබීමේ ක්‍රීඩාංගණයෙදී පැවැත්විණි.

දිවයිනේ යොවුන් සහ කනිෂ්ඨ වෙඩි තැබීමේ ක්‍රීඩකයින් සඳහා වෙන් වූ මංගල තරගය වන මෙම තරගාවලියේ ප්‍රථම අවස්ථාව වන ඇතුගල වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලදී.

වයස අවුරුදු 18 න් පහළ වෙඩික්කරුවන් සඳහා වන වයස් කාණ්ඩ යොවුන් කාණ්ඩයට අයත් වන අතර වයස අවුරුදු 21 න් පහළ අය කනිෂ්ඨ අංශයට අයත් වේ. තරුණ හා කනිෂ්ඨ යන දෙඅංශයෙන්ම පිරිමි සහ කාන්තා සඳහා වායු රයිෆල් සහ පිස්තෝල ඉසව් මෙම තරඟාවලියට ඇතුළත් විය.

ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය (NSSF) සංවිධායකයින් විසින් නියම කරන ලද අවම සුදුසුකම් ලැබීමේ ප්‍රමිතීන් සාක්ෂාත් කර ගන්නේ නම්, එක් එක් කාණ්ඩ හතරෙන් ඉහළම වෙඩික්කරුවන් හය දෙනා ජාතික යොවුන් සහ කනිෂ්ඨ සංචිත සඳහා සලකා බලන ලදී.

NH

මෙම තරඟාවලියේදී කනිෂ්ඨ මීටර් 10 පිරිමි රයිෆල් ඉසව්වේ ප්‍රථම ස්ථානය 2018 යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කල චනිදු සේනානායක දිනාගත් අතර නමීර් සාලි සහ කවිඳු ආදිත්‍ය බණ්ඩාර දෙවන සහ තෙවන ස්ථාන ලබා ගත්හ. එම ඉසව්වේම කාන්තා අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින්, අමන්ධිකා අමරසිංහ, ලිමිනි උදරා පැස්කුවල් සහ අෂිනි සේනාධිර විසින් දින ගන්නා ලදී.  

යොවුන් මීටර් 10 පිරිමි රයිෆල් ඉසව්වේ ප්‍රථම ස්ථානය පී. එච්. ආර්. සුරවීර දිනාගත් අතර හෙලිඳු බණ්ඩාරනායක සහ රවින් ප්‍රේමරත්න පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්න ලද අතර එම ඉසව්වේම කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය නේජා දසනායක, දෙවන ස්ථානය අන්ජනී දළුවත්ත සහ තෙවන ස්ථානය හසුනිකා අමරසිංහ විසින් දිනාගන්නා ලදී.

කනිෂ්ඨ මීටර් 10 කාන්තා පිස්තෝල ඉසව්වේ ප්‍රථම ස්ථානය යශෝධා ද සිල්වා දිනාගත් අතර විමොෂි නෙහන්සා වීරසිංහ දෙවන ස්ථානය දිනාගත්තාය. තෙවන ස්ථානය එරංගා නිශාදිනි ට හිමි විය. එම ඉසව්වේම පිරිමි අංශයේ ස්ථාන පිළිවෙලින් මොවිඳු විජේනායක, අතීක් රහ්මාන් සහ චමිත ජයවිහන් දිනාගත්හ.

යොවුන් මීටර් 10 කාන්තා පිස්තෝල ඉසව්වේ ප්‍රථම ස්ථානය තිසංගි ගීත්මා දිනාගත් අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් කාවින්දි මහේෂිකා හේරත් සහ සේජා දසනායක දිනාගත්හ. එම ඉසව්වේම පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය එල්.එල්.බි.විජයරත්න දිනාගත් අතර දෙවන සහ තෙවන ස්ථාන විදුර අමරතුංග හා  රිෂි ජයරත්න ට හිමි විය.


 

THE LEADER TV
 

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන 

 

 
"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
බැසිල්ගෙ ලන්සාට වියත්මග ගොඩහේවගෙන් සැර රිටන් එකක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්