ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට

ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර ඇත.

"එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර සිටිති.

ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට තැපැල් මගින් 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකිය.



පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නිවේදනය නිකුත්කර ඇත්තේ, 'එක් රටක් සහ එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් 10/26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයට සංශෝධන රැසක් සිදුකරමින් නව ගැසට් පත්‍රයක් 11/06 දාතමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙන මොහොතකය.

එම ගැසට් නිවේදනයට අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු 'එක රටක් එක නීතියක්' සඳහාවූ  ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කර තිබේ.



සබැඳි පුවත :


අලි සබ්රිගේ ඉල්ලීමට අවනත වේ - 'ඥානසාර හිමි බලකා' ගැසට්ටුවත් රිවස් !!




 

THE LEADER TV 
 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 
 
මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන
 

 
"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි |
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්