රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උර දෙන පුද්ගලික අංශයේ සේවකයන්ට මෙවර අයවැයෙන් රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක්

ලබාදීමට යෝජනා කරන  ලෙස රජයට බලකරමින් වෘත්තීය සමිති විසින් පාර්ලිමේන්තු වට රවුමේදී  විරෝධතාවක් දියත් කර තිබේ.


 නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය යෝජනාව නොවැම්බර් 12 වැනිදා  මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැයකට කලින් විරෝධතාව ආරම්භ වු බවයි අගනගරයේ වාර්තාකරුවන් පවසන්නේ.

 ලබන වසර සදහා වන අයවැය යෝජනාවට පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනා කරන්නැයි මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් තව දුරටත් ඉල්ලා සිටින්නේ, දැනට පවතින අයවැය සහන දීමනාව ද ඇතුළුව රුපියල් දහසය දහසක් වන ජාතික අවම වැටුප රුපියල් විසිහය දහසක් ලෙස තීන්දු කරන ලෙසයි.

 "එකී වැටුප් වැඩි කිරීම් මේ වන විට රු. 60,000/= ක මාසික අවම වැටුපකට හිමිකම් ඇති අය දක්වා වලංගු කරන මෙන්ද " යෝජනා කරන්නැයි නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්ගේ ඔක්තෝබර් 7 වැනිදා මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබුනි.

 

ඉහත සඳහන් කර ඇති යෝජනාව අනුව දිනක වැටුප රුපියල් දහසක් කිරීම මේ වන විටත් රජය ප්‍රතිපත්තියක් ලෙස පමණක් නොව ප්‍රායෝගිකව ද පිළිගෙන වතු ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට අදාල පඩි පාලක සභාව මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව වෘත්තිය සමිති නායකන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට පෙන්වා දෙයි.

 


රට පුරා ව්‍යාප්තිව පැවැති මාරාන්තික වසංගතය හමුවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පෞද්ගලික අංශයේ සේවකයන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ශ්‍රමිකයන් සැළකිය යුතු ආකාරයෙන් දායක වූ බව සිහිපත් කරන වෘත්තිය සමිති නායකයන් කම්කරුවන්ගේ දායකත්වය විදහා පාන සංඛ්‍යා ලේඛන ද විරෝධතාවය අතරතුරදී හෙලි කර තිබුනි.



හාම්පුතුන් ලද ලාබය :

උද්ඝෝෂණයේ යෙදුන වෘත්තිය සමිති නායකයන් පෙන්වා දෙන පරිදි පසුගිය 2020 වසරට සාපෙක්‍ෂව 2021 අගෝස්තු මාසය වනවිට ඩොලර් බිලියන 01 ක හෙවත් ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

 පසුගිය 2020 අගෝස්තු මාසයට සාපේක්‍ෂව 2021 අගෝස්තු මාසයේදී වැඩිම අපනයන ආදායම ඇඟළුම් අංශයෙන් ලැබී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 491.5 ක් වේ.

 එසේම තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 116.78 ක ආදායමක් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.34 ක් ද ලැබී ඇත.



ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව 2020 සැප්තැම්බර් මස සිට 2021 සැප්තැම්බර් මස දක්වා උද්ධමනය සියයට 05.7 කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සිහි ගන්වන වෘත්තිය සමිති නායකයෝ තවදුරටත් පෙන්වා දෙන්නේ, එබැවින් තම දෛනික ආදායම් අඩුවීමත් රැකියා අහිමිවීමේ සහ කෝවිඩ්-19 ආසාදනයවීමේ අනතුරත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටද ඔවුන්ගෙන් යැපෙන්නන්ටද ජීවත්වීම ඉසිළිය නොහැකි බරපතල අසීරු තත්වයකට මුහුණ දී සිටින බවයි.



වැඩි නොකළොත් !

පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මෙවර අය වැයෙන් යෝජනා නොකළහොත් නිදහස් වෙළද කලාප සහ අපනයන ක්ෂේත්‍ර වල වැඩ වර්ජනයක් දියත් කර ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බවටත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් ආණ්ඩුවට අනතුරු ඇඟවීය.



මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලබන වසර සදහා වන අය වැය යෝජනාවේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි වීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කර නොතිබින.

 


නමුත් අය වැය සම්පාදනය කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළ පෞද්ගලික අංශයේ සියලු වානිජ මණ්ඩල, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති මෙන්ම වෘත්තීය සංවිධාන නියෝජිතයන් සියලු දෙනාට අයවැය කතාව අවසානයේ මුදල් අමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.

 ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති වන නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය, නිදහස් සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය මෙම විරෝධතාවයට එක්ව තිබුනි.

 අගනගරයේ වාර්තාකරුවන් වැඩි දුරටත් සදහන් කළේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තිය සමිති වන අන්තර් සමාගම් සේවක සංගමය හා ලංකා බැංකු සේවක සංගමය මෙම විරෝධතාවය සදහා එක්ව සිටි බවක් දැක ගන්නට නොලැබුන බවයි.
 

 

THE LEADER T
 
 

 

චීන නැව නැංගූරම දායි ! | මොණරවිලගේ ලියමන 

 

 

 

සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්