වැඩිවන ජීවන වියදම සහ බඩු මිල අඩු කරන්නැයි රජයට බලපෑම් කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද (12) පස්වරුවේ පැවැත්විණි.


විරෝධතා පාඨ කියමින් ලිප්ටන් වටරවුමට පැමිණි විරෝධතාකරුවෝ ගෑස් ටැංකි මෙන්ම පොල් හාල් උර ආදිය ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා රැලියක් ද පැවැත්වුණු අතර එම අවස්ථාවට පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්වරුද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.

එජාපය මෙම විරෝධතාවය පැවැත්වුයේ ජනඒකරාශීවීම් සඳහා නිසි බලධාරියාගෙන් අවසර ගත යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය. මේ අතර රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය ද අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිරත වුහ.

එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා ජනරැලිය අමතමින් එහි නායකයන් පැවසූයේ හාමතේ සිටි ජනතාවට අයවැය මගින් තවත් බඩේ පහරක් ගැසූ බවයි. 

UNP Protest 1

UNP Protest 2

UNP Protest 3

UNP Protest 4

UNP Protest 5

 


 

THE LEADER TV
 
 

 

චීන නැව නැංගූරම දායි ! | මොණරවිලගේ ලියමන 

 

 

 

සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්