පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධ සැබෑ මහ මොළකරු නිදැල්ලේ ඉන්නා බවට

කතෝලික සභාව චෝදනා කරද්දී වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින හැට තුන් දෙනකු රිමාන්ඩ් භාරයේම තැබීමට මඩකලපුව අධිකරණය නියෝග කර තිබේ.

 මාරාන්තික වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නොමැති බැවින් සැකකරුවන් හැට තුන් දෙනා ශාරිරික ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකළත් විනිසුරුවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 නොවැම්බර් 11 වැනි බ්‍රහස්පතින්දා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන්  නියෝග කර ඇත්තේ සැකකරුවන් නොවැම්බර් 25 වැනි දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

 පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත වසර දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 69 දෙනා අතුරින් හය දෙනකු මේ වන විටත් අධිකරණය මගින් නිදහස් කර ඇති බව නැගෙනහිර  වාර්තාකරුවෝ පවසති.

 අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ නැගනියද වේ.

 වීඩියෝ  තාක්ෂණය ඔස්සේ  අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව වාර්තාකරුවෝ තව දුරටත් පවසති.

 සැකකරුවන්  අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.

 පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා නැගී ඇති හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අධි චෝදනා බාරදුන් කොළඹ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය එය විභාග කිරීම නොවැම්බර් 22 වැනිදාට නියම කර තිබේ.




මිනිස් ජීවිත 268 ක්

 121536833 whatsappimage2021 11 12at4.22.24pm

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් 2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.

 කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

 පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව කොළඹ අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව දිගින් දිගටම අවධාරණය කරමින් සිටී.

 

 


 

THE LEADER TV
 
 

 

චීන නැව නැංගූරම දායි ! | මොණරවිලගේ ලියමන 

 

 

 

සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්