ශ්‍රී ලංකාවේ පළවෙනි multiplex cinema සංකීර්ණය ලෙස 2004 දී අගමැති මහින්ද රාජපක්ෂ හා ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් විවෘත

කරන ලද මරදානේ cinecity සිනමාහල් සංකීරණය සඳහා චිත්‍රපට ලබා නොදෙන ලෙස ජාතික චිත්‍රපටි සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක් චිත්‍රපට ආනයනකරුවන් සමග චිත්‍රපට සංස්ථාවේ පසුගියදා පැවති රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ චිත්‍රපට ප්‍රදර්ශනයේ ප්‍රධානම ආරම්භක සිනමාහලක් වන මෙම cinecity සිනමා සංකීර්ණය ලංකාවේ ප්‍රථම dolby atmos ශබ්ද පද්ධතිය ඇති සිනමාහලය. මෙම සිනමා සංකීරණය ‍ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක /ප්‍රදර්ශකය බුද්ධි කීර්තිසේනට අයිති අයෝජනා මණ්ඩල (BOI ) ව්‍යාපෘතියකි. ඒ සඳහා එකල ආයෝජනය කර තිබු මුදල රුපියල් මිලියන 260කි.

චිත්‍රපට සිනමා ශාලා වැසී යන මෙම යුගයේ මෙවැනි තීරණ ගැනීම සම්බන්ධව චිත්‍රපට ආනයන කරුවන් දැඩි අසීරුතාවයකට පත්වෙන බව චිත්‍රපටි ආනයනකරුවන්ගේ අදහසයි.

සිංහල සිනමාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව 1947 ජනවාරි මස 21වන දින පළමු තිරගත විම සිදුකළ කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවද පසුගියදා වසා දමා තිබේ. එසේම කැපිටල්, ලිඩෝ හා එම්පයර් සිනමා ශාලාද මේවනවිට වසා දමා ඇතැයි වාර්තාවේ.

 




THE LEADER TV
 

සගේ විශ්වාසය දිනූ අලුත් කණ්ඩායම කවුද ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


ඥාණසාරත් මාර්ග ඵල ලබයි ! | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්