කෙතරම් බාධා පැමිණියත් ලබන 16 වෙනිදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සැලසුම් කල පරිදිම පවත්වන බව සමගි ජනබලවේගය

අවධාරණය කරයි.

ආණ්ඩුව සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට තහංචි දමන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

“අපි කල්පනා කලා සමගි ජනබලවේගය ප්‍රධාන පක්ෂය විදියට ඒ ජනතාවගේ විරෝධය හඩ එක තැනකට ගෙනල්ලා මේ රටේ ආණ්ඩුවට ඒක පෙන්නන්න. මොකක්ද ආණ්ඩුව අද කරන්නේ ආණ්ඩුව අපි සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට අද තහංචි දාන්න යනවා. කෝවිඩ් එකෙන් දවසට 250ක් 300ක් මැරෙද්දි නොගහපු ගැසට් එකක් පහුගිය 09 වෙනිදා ගහලා.

මේ ගැසට් එක ගහලා තියෙන්නේ ඇයි? සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ට බලය දෙන්න. 250ක් 300ක් මැරෙද්දිවත් මේ ගැසට් එක ගහන්න බැරි වුණා. මොන නීතිය දාලා අපිව බය කරන්න හැදුවත් වළක්වන්න හැදුවත් සමගි ජනබලවේගයේ ආණ්ඩු විරෝධී මේ උද්ඝෝෂණය පවත්වන්න ලබන 16 වෙනිදා කටයුතු කරනවා…”යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

fghjjh

ජීවන වියදම ඉහළයාම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන මෙම මහජන විරෝධතා රැළිය ලබන අගහරුවාදා පස්වරු 02 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිත අතර එය අවලංගු කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය විමසමින්, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් ලිඛිත විමසීමක් ද කර තිබේ.

 

WhatsApp Image 2021 11 14 at 7.51.14 AM

 

 




THE LEADER TV
 

සගේ විශ්වාසය දිනූ අලුත් කණ්ඩායම කවුද ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


ඥාණසාරත් මාර්ග ඵල ලබයි ! | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්