ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය අනුව මුළු වියදම රුපියල් කෝටි 524,500ක් වන අතර රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් කෝටි

228,400ක් බව නිල ලේඛනවලින් අනාවරණය වේ.

මේ අනුව අයවැය හිඟය රජයේ මුළු ආදායම ඉක්මවා තිබෙන අතර එය දල වශයෙන් රුපියල් කෝටි 296,100ක් වී ඇත. එනම් රජයේ මුළු ආදායම මෙන් 230%ක වියදමක් දැරීමට සිදුව තිබේ.

එසේම ණය ගැනීමට සිදුවේ යැයි ඇස්තමේන්තු කර තිබෙන මුදල රුපියල් කෝටි 320,000ක් වී ඇත. සාමාන්‍යයෙන් අපේක්ෂිත ආදායම් නොලැබෙන අතර ඇස්තමේන්තු ඉක්මවා වියදම් වැඩිවීමක් සිදු වේ.

මුළු ණය ගැනීම් ඇස්තමේන්තු කර ඇත්තේ මෙම පසුබිම තුළ බව අදාල සංඛ්‍යා ලේඛන තුළින් පැහැදිලි වේ.


'රාජ්‍ය සේවය රටට ම බරක්'


මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසන්නේ, තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් තවදුරටත්, මහජන මුදල් වැය නොකරන බවයි.

''යම් කිසි ආකාරයක් රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙනවා කියන්නෙ, ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කර ගන්න ඕන. රජයකට මුදල් ලබාගන්න ක්‍රමය තමයි මහජනතාවගෙන් ඒක ලබා ගැනීම. මොනම ආකාරයකින් වත් තවත් වර්ෂයක් යන කල් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ.''

ඔහු මේ අදහස් පළ කළේ පෙරේදා (13)  ඉදිරිපත් කෙරුණු 2022 අයවැය සම්බන්ධයෙන් ඊයේ  (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය.

තව ද රාජ්‍ය සේවය රටට බරක් බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ,  සියලු දෙනා එය අවංකව පිළිගත යුතුව ඇති බවයි.

''තවදුරටත් අපි ලොසින්ජර් දෙන්න අවශ්‍ය නැහැ. අපි අවංකව පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්''

 

 

ඉන්දියානුවන්ගේ වැටුප් විෂමතාවය අවසන් !


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ 'කෝට්ටේ' මාධ්‍ය ඒකකය විසින් ''ඔබට අයවැයෙන්..'' යන තේමාවෙන් යුතුව අයවැය යෝජනා උත්කර්ෂයට නංවමින් සැකසු මුද්‍රිත ප්‍රකාශනයක ඩිජිටල් ප්‍රකාශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර තිබු අතර ඒ සඳහා ඉන්දීය ජාතිකයින්ගේ ජායාරූප යොදාගෙන තිබීම සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්ව තිබිණ.

 එහිදී රජයේ විශ්‍රාම වැටුප් විෂමතා අවසන් යනුවෙන් වූ කොටස සඳහාද යොදාගෙන තිබුනේ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි. ඒ සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ පළවූ පොස්ටුවල සඳහන් වුයේ ''බැසිල් එයාගේ දොනියැන්දා පවුල්කන ඉන්දියාවේ විශ්‍රාමිකයින් සම්බන්ධයෙන් ද අවදානය යොමුකරලා'' කියාය.  

iuo
 




THE LEADER TV
 

සගේ විශ්වාසය දිනූ අලුත් කණ්ඩායම කවුද ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


ඥාණසාරත් මාර්ග ඵල ලබයි ! | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්