ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කළයුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේදී අද ඒකමතිකව සම්මත කර ගනු ලැබිය.



අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී එම රැස්වීම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අනුරාධපුර තරුණ පෙරමුණේ ලේකම් සමන් කුමාර එම යෝජනාව ඉදිරිපත් කළ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

 


ඉන් අනතුරුව දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මෙලෙස අදහස් පළකෙළේය.




 මෛත්‍රී වැට උඩ !

මේ අතර ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ, මෙවර අය-වැයට සහය ලබාදෙන්නේද නැද්ද යන්න පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරියේදී පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.

තමන්ගේ විශ්‍රාම වැටුප කපා ඉතිරි කරගන්නා මුදලින් ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා නම් ඒ පිළිබඳ තමා සතුටු වන බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු එබව කියා සිටියේ, ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳීම සඳහා මුදල් ඉතිරි කර ගැනීමට උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප කැපීමෙන් දැයි මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

ජනතාව අපේක්ෂා කළ සහන අයවැයෙන් නොලැබුණේ නම් එය විමසා බැලිය යුත්තේ මුදල් ඇමැතිවරයාගෙන් බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 

 

 


THE LEADER TV
 
 
ජීතයේ දුශ්තා මැඩලන්න වැදි දියුනු සංවද්දන සැලැස්මක් ! | මොණරවිලගේ ලියමන 
 
 
 
මහින්දට කල දේ බැසිල්ට පල දේ ! | Gossip
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්