බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ
උසස් නිලධාරියෙක් පැවසීය.

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මාධ්‍යට පවසා ඇත්තේ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවයි.

පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොර තෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසීය.

දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙට්‍රික් ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ ගෙන් 'ලංකාදීප' කළ විමසීමකදී පවසා ඇත්තේ, කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. අවශ්‍ය තෙල් තොග රට තුළ තිබෙන බවත් තෙල් හිඟයක් එන්නේ නම් තමා ඊට කලින් පවසන බවයි.


ආණ්ඩුවේ දුර්වල තීරණ - වෘත්තීය සමිති චෝදනා


මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ, පිරිපහදු කිරීම සදහා බොරතෙල් තොග නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට නතර කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ දුර්වල තීරණ හේතුවෙන් බවයි.

 සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ මේ හේතුවෙන් භූමිතෙල් සහ කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය දැවි තෙල් සැපයීම ඇණහිටින බවයි.

Ananda Palitha

දැවැන්ත විදුලි කප්පාදුවක් අතළඟ - PCR  කියයි


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක (PCR ) පවසන්නේ, මේ තත්ත්වය තුළ අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති  බවයි.

ඔහු එබව කියා සිටියේ, මාධ්‍ය හමුවක් අමතමිනි.

''අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය මාස කීපය තුල බොරතෙල් ලංකාවට ගෙන්නන්න නිකුත් කරපු ටෙන්ඩර් පහටම එකම සැපයුම්කරුවෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. අපේ පිරිපහදුව වහලා දාන්න වෙනවා. පිරිපහදුව වැහුවොත් මතක තියාගන්න ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ගණනාවක් තෙල් පිරිපහදුවේ ඒ පෙට්රල් ඩීසල් හැදුවට පස්සේ ඉතුරු වෙන වෙනත් තෙල් වර්ග වලින් හා තවත් බැර තෙල් වලින් දුවනවා. එතකොට ඒ බලාගාර ටික වැහෙනවා. ඒක තමයි ඇත්ත.

රටේ විදුලිය සැපයුමෙන් 45% ක් පමණ සපයන්නේ පුත්තලම ගල් අඟුරු බලාගාරය විසිනි. එතකොට ඒ ගල් අඟුරු ටෙන්ඩර් එකට කිසිම සැපයුම්කරුවෙක් ඇවිල්ල නෑ. ඇයි? විදේශීය බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි එහෙම නැත්නම් භාරගන්නේ නෑ. එල්සී අරින්න බෑ.

අනාගතයේ අනිවාර්යෙන්ම ලෝක වෙළඳපොලේ මිල ගණන් වලට අනුව නෙමෙයි. අනාගතය අනිවාර්යයෙන්ම රටේ විදුලි කප්පාදුවක් හා බොරතෙල් හිඟයක් එනවා. ආණ්ඩුව මේ යථාර්තය තේරුම් අරගෙන වහ වහා කඩිනම්ව පියවර ගත යුතුයි. වගාඩම්බර පොර කතා කියන්නේ නැතුව. කියනවා මේ හදනවා කියලා පිරිපහදුවක් ලෝකයේ තියෙන විශාලතම පිරිපහදුවක්, ලංකාවේ ලොකුම එක හදනවා කියලා කියනවා.
 
 
ඔය පිරිපහදු කතා අපි දන්නවා. 2010-15 අතරෙත්, ඉරාන ජනාධිපතිතුමා ලංකාවට ඇවිල්ලා පිරිපහදුවකට මුල්ගල තිබ්බා. සපුගස්කන්දේ. ඒ ඒ මුල්ගල තාම පැලවෙනවා. එහෙම තියාගෙන තමයි මේ අලුත් -පිරිපහදුවක් හදනවා කියලා කියන්නේ.
 
 
පිරිපහදුව හදන්න කලින්, මේ තියෙන පිරිපහදුවට බොරතෙල් ටික ගෙන්න ගන්න බැරුව තව අවුරුදු පහකින් එන පිරිපහදුවක් ගැන කතා කරනවා. රටේ බලාගාර වලට අවශ්‍ය කරන ඒ ඉන්ධන ටික සපයා ගන්න බැරුව මන්නාරමේ තෙල් ගවේෂණය ගැන කතා කරනවා. මන්නාරමේ තෙල් ගවේෂණය 1961 දිත් ඉලංගරත්න මහත්තයා කිව්වා ලංකාවේ තෙල් හම්බෙනවා කියලා. 77 දිත් කිව්වා පේසාලෙන් තෙල් හම්බෙනවා කියලා. ලංකාවේ ගෑස් සම්පත තියෙනවා. හැබැයි ඔය කියන ඔය මායාකාරී ඔය මේ කතාවක් නෑ. ඉතාම පොඩි ගෑස් සම්පතක් දැනට හම්බෙලා තියෙනවා. ඒක හම්බුනෙත් මීට අවුරුදු දහයකට කලින්. 2011. එතකොට ඒක මේ රටේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් එකක්.”

ලංකා විදුලිබල මණ්ඩලය අද ඇමරිකානු සමාගමට විකුණලා තියෙනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ගෑස් සැපයුම කරන්න. එතකොට මන්නාරමේ ගෑස් තියෙනවා. ඒක හාරනවා කියලා ඛනිජ තෙල් ඇමති කියනවා. හැබැයි ලංකාවට ගෑස් සැපයීම අප්‍රිකාවෙ සමාගමකට බදු දීලා තියෙනවා.

patali s



 

 

THE LEADER TV



ජීතයේ දුශ්තා මැඩලන්න වැදි දියුනු සංවද්දන සැලැස්මක් !
 


මහින්දට කල දේ බැසිල්ට පල දේ !
 


සගේ විශ්වාසය දිනූ අලුත් කණ්ඩායම කවුද ? | "ස" ගේ දැනගැනීම පිණිසයි

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්