මේ ආණ්ඩුව කොතරම් බංකොළොත් ද කිවහොත් අයවැය හිඟය පියවීම සඳහා 'හොර සල්ලි' ද යොදාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (නොවැම්බර් 15) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පර්පර්චුවල් ට්‍රේෂරිස් සමාගම අයථා ලෙස උපයාගත් මුදල් යළි භාණ්ඩාගාරයට ලබා ගැනීමට අයවැය ලේඛනයෙන් කර ඇති යෝජනාව ගැන සභානායක, දිනේෂ් ගුණවර්ධන කළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර ලෙස කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

''එතුමා කිවුවා පර්පර්චුවල් ට්‍රේෂරිස් හොර සල්ලි කියලා. හරි, ඒක අපි පිළිගන්නවා. නමුත් මේ ආණ්ඩුව කොතරම් බංකොළොත් ද කිවහොත් හොර සල්ලිත් ගත්තා අයවැය හිඟය පියවන්න'' යනුවෙන් කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සභානායකවරයා පැවසුවේ, ''පිළිගත්තා ඔව්, පළවැනි කටින් කියවුණා අපි පිළිගන්නවා මහා වංචාව කියලා. මහා වංචාකාරයෝ.'' යනුවෙන් සඳහන් කළේය.


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2022 වර්ෂය සඳහා වූ අයවැය අද (12 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ දෙවැනි අයවැය මෙය වන අතර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ කුළුදුල් අයවැය ද මෙයයි.



අයවැය සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර



මෙවර අයවැය මඟින් මිනිසුන්ට කිසිවක් ලබා දී නැතැ යි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ය.

"කන්දක් විලිලාලා මී පැටියෙක්වත් වඳපු නැති තරම්. මිනිස්සුන්ට කිසිම දෙයක් දීල නෑ. ආර්ථික අර්බුදය ගැන කතා කරලා නෑ. ණය අර්බුදය ගැන කතා කරලා නෑ. මේක මේ රටේ තිබුණ අසාර්ථකම අයවැය," ඔහු කියා සිටියේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ රුපියල් මිලියන 2,000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් බදු අයකිරීම සහ බැංකුවලින් අමතර 3%ක බදු අයකිරීම මහජනතාව මතට නැවතත් ගලා යනු ඇති බවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂිම් පැවසුවේ, "අපේ විනිමය අනුපාතය කඩාගෙන වැටෙන අවස්ථාවක දී, මූල්‍ය අර්බුදයක ඉන්න අවස්ථාවක, රජය එය ආමන්ත්‍රණය කර නැතැ"යි යනුවෙනි. "ජනතාවගේ ගැටලු ආමන්ත්‍රණය කරලා නෑ,"යි ඔහු පැවසීය.

කෙසේ නමුත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම 2022 අයවැය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි:

"ඉතාමත් දුෂ්කර ආර්ථික කොන්දේසි මධ්‍යයේ හදපු අයවැයක්. මුදල් ඇමතිතුමා කළ හැකි උපරීම දේ කරලා තියෙනවා. ඉතාමත් දැඩි ආර්ථික අවපාතයක් මැද්දේ, ඉතාමත් දුෂ්කර කොන්දේසි මධ්‍යයේ ඉදිරිපත් කරපු, සාමාන්‍ය ජනතාව වෙතටත් පීඩාවක් එල්ල නොකරන අයවැයක් ඉදිරිපත් කිරීම අපි අගය කරන්න ඕන."

කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ, "මේක ජනතාවාදී අයවැයක්. අපනයන ආදායම වැඩිකිරීම සඳහා වැවිලි කර්මාන්තයේ ගොවියාට සහන දෙන අයවැයක්," යනුවෙනි.

මෙවර අයවැය අපනයනය දියුණු කිරීමට වැඩිම මුදලක් වෙන්කරන ලද අයවැය බව, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක අවධාරණය කළේ ය.

සමගි ජන බලවේගයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙසේ පැවසීය:

"අයවැය පරතරය අඩුකරන්න යන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. වෙච්ච එකම හොඳ දේ ඇවිල්ලා, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් දෙනවා අවුරුදු 05කට පස්සේ. ඒක අවුරුදු 10ක් කළා. ඒක හොඳයි. මොකද එතකොට රාජ්‍ය සේවයත් එක්ක මන්ත්‍රීවරුන්ටත්, ජනාධිපතිවරුන්ටත් එක පිළිවෙලට ගත්ත එක හොඳ යි. නමුත් රට මුහුණ දෙන අනිත් ලොකුම අර්බුදය ඇවිල්ලා විදේශ විනිමය හිඟය. ඩොලර් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. බෙහෙත් ගේන්න ගියත් ඩොලර් ඕනේ. තෙල් ගේන්න ගියත් ඩොලර් ඕනේ. මේ අර්බුදය විශාල අර්බුදයක්. ඉතිං මේක විසඳන්න තිබුණ එකක් තමා ණය ගන්න එක. ණය ගන්න බැහැ ශ්‍රේණිගතකිරීම් පහළට ගිහිං තියෙන්නේ. මේ අයවැයෙන් පස්සේ මම හිතන්නැහැ ශ්‍රේණිගතකිරීම් ඉහළට යයි කියලා."


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

THE LEADER TV
 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !



ජීතයේ දුශ්තා මැඩලන්න වැදි දියුනු සංවද්දන සැලැස්මක් !
 


මහින්දට කල දේ බැසිල්ට පල දේ !
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්