theleaderlk 01

සමගි ජන බලවේගය පක්ෂය විසින් හෙට (16) දිනයේ සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින්

අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උපමානවලට අනුව එම උද්ඝෝෂණය පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව තලංගම සහ මාලඹේ, පොලිස් ස්ථාන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද, මිරිහාන පොලීසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද සමගි ජන බලවේගයේ හෙට පැවැත්වෙන උද්ඝෝෂණය පැවැත්වීම වලක්වමින් වාරණ නියෝග ලබාගෙන තිබේ.

අලුත්කඩේ අංක 05, මහර අංක 01 හා 02, කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ විසින් එම වාරණ නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේය. පොලීසිය සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛනය පදනම් කරගෙන එම වාරණ නියෝග ලබාගත් බවය.



ඇතැම් අධිකරණ ඉල්ලීම ඉවත දමයි !

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලන ලෙස පොලීසිය විසින් සිදුකළ ඉල්ලීම මාළිගාකන්ද, ගංගොඩවිල, ගල්කිස්ස සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කළේය.

කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළේ බුද්ධික ශ්‍රී රාගල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයායි. මේ අතර සමගි ජන බලවේගයේ හෙට පැවැත්වෙන විරෝධතාව වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා අද ප්‍රතික්ෂේප කළේය.


පොලීසිය ගල්කිස්ස අධිකරණයට මෙම ඉල්ලීම කළේ ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ 16 ජන බලය ලෙස නම් කළ විරෝධතා රැළියක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් පැවැත්වීමට කටයුතු කරන බවට හා එම රැස්වීමට ත්‍රස්තවාදී හෝ මොනයම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කරුණු වාර්තා කරමිනි.

 


එය අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරිවරයා මෙම ඉල්ලීම කළ අතර ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා හා දෙහිවල පොලිස් ස්ථානාධිපති එල්.එච්. දුෂ්මන්ත යන මහත්වරුන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ ඉදිරියේ කරුණු දක්වනු ලැබුවේය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.  


එජාප විරෝධතාවය 'රහසක්' !


සමගි ජන බලවේගයේ විරෝධතාවයට රජය විසින් මෙසේ දිගින් දිගටම බාධා එල්ල කලද එක්සත් ජාතික පක්ෂය විසින් පසුගියදා සිකුරාදා සංවිධානය කරතිබූ විරෝධතාවයට කිසිඳු ආකාරයේ බලපෑමක් එල්ල නොවීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර තිබේ. එය එජාප ඇතැම් නායකයින් හා ආණ්ඩුවේ ප්‍රබලයින් අතර රහස් ගනුදෙනුවක ප්‍රතිපලයක් දැයි ඔවුන් සැක මතුකර ඇත.

 

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ එම පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියකු පැවසුයේ, එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය සිකුරාදා සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව පොලීසියට හෝ සෞඛ්‍ය අංශවලට ඊට එරෙහිව අධිකරණ නියෝග ගැනීමට නොලැබුණේ මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කමිටුව එය රහසක්ව පවත්වා ගනිමින් සංවිධාන කටයුතු කිරීම නිසා බවයි.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.

''මේ පිළිබඳ මුල්ම සාකච්ඡාව පසුගිය බදාදා (10) පැවැත්වුණා. එහිදි පක්ෂ නායකයාගේ උපදෙස් මත නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර මහලේකම්වරයා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කොයි ආකාරයෙන් සිදුකළ යුතුද යන බව සාකච්ඡා කළා.

ඒ යටතේ කමිටු කිහිපයක් පත්කරගත් අතර මෙම කමිටුවලට පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති සාගල රත්නායක, වජිර අබේවර්ධන සභාපතිවරයා, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර මහලේකම්වරයාත්, කොළඹ නගරාධිපති රෝසි සේනානායක සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ, කොළඹ දිස්ත්‍රික් කළමණාකරු ලසන්ත ගුණවර්ධන යන අය පත්කර ගත්තා.

ඔවුන් යටතේ කමිටු කිහිපයක් පත්කරගෙන ඉතාම සැලසුම් සහගතව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කළා.

 

''එහිදී විශේෂත්වයක් වුණේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව කිසිඳු ආකාරයකින් ප්‍රසිද්ද මාධ්‍යයේ හෝ සාමජ මාධ්‍යයේ කිසිවක් ප්‍රචාරය නොකිරීමට සියලුදෙනා වගබලා ගැනීමයි. ඒ වගේම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා පාක්ෂිකියනි ගෙන්වා ගැනීමේ කටයුතු කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුලු අදාළ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් හරහා සෘජුවම සිදුකිරීමට වගබලා ගත්තා. ''

 

මෙය කොළඔ දිස්ත්‍රික් කළමණාකරු ලසන්ත ගුණවර්ධන සහ කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායකගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවුණා. ඊට අමතරව අනෙකුත් සංවිධාන කටයුතු නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ උපසභාපති සාගල රත්නායක යටතේ සිදුවුණා.

මේ ආකාරයෙන් මෙය සිදුවූ නිසා සිකුරාදා පස්වරු 2 පමණ වනතෙක් කිසිඳු පොලීසියකට, කොළඹ කිසිඳු අධිකරණයකින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එරෙහිව වාරණ නියෝගයක්  ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

සංවිධායක මණ්ඩලය ගත් තීරණයක් අනුව සෙනසුරාදා දිනයේ මීගමු නගරයේත් උද්ඝෝෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සූදානම් කර තිබුණා. එයත් ඒ අකාරයෙන් පූර්ව දැනුම්දීමකින් තොරව මීගමු නගරයේදී සංවිධානය කර තිබුණා.'' යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
එජාපය මෙම විරෝධතාවය පැවැත්වුයේ ජනඒකරාශීවීම් සඳහා නිසි බලධාරියාගෙන් අවසර ගත යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය.

මේ අතර රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය ද එදිනම පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිරත වුහ. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය යෝජනාව නොවැම්බර් 12 වැනිදා  මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැයකට පෙර මෙම විරෝධතාව ආරම්භ විය.



සබැඳි පුවත් :

ආණ්ඩුව බය වෙලා ! -16 දා කොළඹ වෙන්න යන දෙයක් ගැන සජබ කියයි

එජාප-සජබ විරෝධතාවලට බයවෙලා ද ? - කොවිඩ් නව නියෝග එයි !

'අපි හැදුවා. මුං කෑවා' - පැරදී අවුරුදු 2 කට පසු එජාපය 'ආණ්ඩුව එළවීමට' පාරට බසී

ජීවන වියදම ඉහළයාමට එරෙහිව එජාපය විදීබසි

 

 

 


 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !


නවතම පුවත්