''මේ සාපය දැන් ඇති'' යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව, විරෝධතාවය සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සංවිධානය කර

ඇති විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනවිට විවිධ නීතිමය ගැටලු ඉදිරිපත් කර තිබේ.

එවැනි වටපිටාවක් තුළ සමගි ජනබලවේගය මේ වනවිට මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මේ අතර මෙම විරෝධතාවට පිරිස් රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන බස්රථ වළක්වාලමින් පොලිසිය විසින් බලපෑම් කරමින් සිටින අතර මෙහිදී විරෝධතාකරුවන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිව පොලිසිය අසරණ වූ ආකාරයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති විදියෝවල දැක්වේ.




අධිකරණයෙන් මත දෙකක් !


මෙම උද්ඝෝෂණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා පොලීසිය ඊයේ අධිකරණයට ගියද අධිකරණ 6 ක් විසින් එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ අතර තවත් අධිකරණ 5 ක් එම ඉල්ලීම් පිළිගනු ලැබිය.

මෙම උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකවරයකු වන එස්.එම්. මරික්කාර් සඳහන් කළේ දරිද්‍රතාවයට, ජනතාව මුහුණුපාන අනෙකුත් ගැටලුවලට සහ ආණ්ඩුවේ දුෂණයට එරෙහිව මෙම ජන උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම විරෝධතාව සඳහා ඉඩ ලබා නොදෙන බවය. සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂකයින් කොළඹ ට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.

මේ අතර, සෞඛ්‍ය නීතී උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.

කෙසේවුවද සැලසුම් කළ පරිදි සිය උද්ඝෝෂණය අද දිනයේ කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය පවසයි. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව උද්ඝෝෂණය සිදුකරන බවයි.

 

  

 

 

 




සබැඳි පුවත් :
එජාප උද්ඝෝෂණයට නැති බාධා සජබට විතරක් ඇයි ?

 


 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්