බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 'එක නීතියක් -එක රටක්'  කමිටුවේ සභාපති ධුරයට පත් කිරීම

ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

ඔහු එබව කියා සිටියේ, බදුල්ල ඇටම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

‘ඥානසාර හාමුදුරුවෝ කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්. හාමුදුරුවන්ගේ යම් යම් වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි ත් එක්ක ඒ කමිටුවේ සභාපතිනම හාමුදුරුවන්ට සුදුසු නෑ. හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේද සුදුසු නෑ. ඒ පත්වීම ඔලමොට්ටල කමක්’ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


(lanka C news)

 

 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්