2024 වසරේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේවනවිට පිළිගත් දේශපාලන පක්ෂවලින් පිටත සිටින පුද්ගලයින් කිහිප
දෙනෙකුද සුදානම් වන බවක් පෙනේ.
ප්‍රකට ව්‍යාපාරිකයින්, සමාජ සේවකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්රචාරක මෙහෙයුම් ආරම්භකර ඇත. විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම දැනට සක්‍රිය හමුදා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද ඒ අතර වේ.
මේ අතර ජනාධිපති තරඟයට අලුතින්ම එක්ව ඇත්තේ, බන්දුල ජයසේකරමුදලි ය. වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු ක්‍රවුන් ඉන්වෙස්මන්ට්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වශයෙන් හා වර්ෂ 1997 සිට 2014 එහි සභාපති වරයා වශයෙන් ද කටයුතු කර ඇත.
නීතීඥ බන්දුල ජයසේකරමුදලි විසින් පසුගියදා මෙරට ප්‍රකට සමාජ මාධ්‍ය ජාලා දෙකකට සම්මුඛ සාකච්ජා ලබාදී ඇති අතර, ඔහු පවසන්නේ තමා මිනුවන්ගොඩ ප්‍රදේශය අවට ජනතාවට හා රටේ විවිධ පලාත් වල ජනතාව සිය ගණනකට රැකියා අවස්ථාවන් ලබා දීමෙන් ඔවුනට හා ඔවුන්ගේ පවුල් වල දහස් ගණනක් සාමාජිකයින්ට ආර්ථික හා සාමාජීය වශයෙන් අත්වැල ලබා දීමට කටයුතු කර ඇති බවයි.
''ඔබ මා මුහුණදෙන මේ සියලු විනාශයන්ගෙන් අපගේ රට මුදවාගෙන සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් හා ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට අප කල යුත්තේ කුමක්ද? ඒ සදහා පළමුවෙන්ම මුලික ලක්ෂණ 5කින් හෙබි නායකත්වයක් සහිත රටට හා මහජනතාවට මුල් තැන දී ක්‍රියාකරන අවංක, දක්ෂ කණ්ඩායමක් විසින් පුළුල් දේශපාලන සංවිධානයක් ගොඩනැගිය යුතුය. ඉන් පසුව බලයට පැමිණ රට හා ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී සේවය කල යුතුයි. '' යයි ඔහු පවසයි.
ඔහු පවසන පරිදි රටේ නායකත්වයේ ලක්ෂණ විය යුත්තේ;
1.නායකයා බලලෝභීත්වයෙන් තොර විය යුතුය:
ඔහු අද බලයට පැමිණ හෙට බලය අත් හැරීමට සිදු වුවත්, ඔහු රටට සහ ජනතාවට යහපත්දේම පමණක් කරන නායකයෙකු විය යුතුය. ඒ තරමින්ම ඔහු බලලෝභීත්වයෙන් තොර විය යුතුය. නමුත් අපගේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බලන කල පෙනී යන්නේ මෙයට ඉදුරාම වෙනස් තත්වයකි.
2.නායකයා ධනලෝභීත්වයෙන් තොර විය යුතුය:
මෙය නායකයාගේ පෞද්ගලික ධනය ගැන නොව රටේ සහ පොදු ජනතාවගේ මුදල් ගැනයි. නමුත් අපගේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට තත්වය මීට වෙනස් බව අපට පෙනෙන්නට තිබේ.
3.නායකත්වය ගනු ලබන සෑම තීරණයකම ප්‍රමුඛත්වය රටේ සහ ජනතාවයේ යහපත සදහාම විය යුතුය:
එම ප්‍රමුඛත්වය අංක 01 සිට 100 දක්වාම රටේ සහ ජනතාවගේ යහපත සදහාම විය යුතුයි.
4.නායකත්වය නිහතමාණී වියයුතුය:
එනම්, ඔහු රටේ නායකයා වූ පමණින් ඔහු සියලු දේ නොදන්නා බවත්; රටේ ඕනෑම ප්‍රශ්නයකදී එයට පිළිතුරු ඇත්තේ එයට අදාල ක්ෂේත්රයේ විශේෂඥයන් සතුව බව අවබෝධ කරගැනීමට හා එම උපදෙස් ලබාගැනීමටත් ඒ අනුව තීන්දු තීරණ ගැනීමටත් නිහතමානී විය යුතුය.
5.එලෙස ලබාගන්නා තීන්දු තීරන නොබියව ක්‍රියාත්මක කිරීමට හැකි මානසික පෞරුෂයක් හෙබි පුද්ගලයෙකු විය යුතුය
මෙවැනි දේශපාලන සංවිධානයක් ගොඩනැගීම සදහා මහා සංඝරත්නයට හා අනෙකුත් ආගමික පූජකතුමන්ලාට, උගතුන්ට, බුද්ධිමතුන්ට, ප්රඥවන්තයන්ට, වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට, රටේ සහ ජනතාවගේ යහපත ගැන සිතනා අතලොස්සක් වූ දේශපාලනඥයින්ට, විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, දෙමව්පියන්ට, තරුණ තරුණියන්ට රටේ හා ජනතාවගේ යහපත සදහා පිරිසිදු චේතනාවෙන් එකවන ලෙස ඔහු ගෞරවයෙන් ආරාධනා කර සිටියි.
ඉහත සදහන් කල නායකත්ව ලක්ෂණ සියල්ල මා සතුබව හා ඊට නායකත්වය දීමට තමා හට හැකියාව ඇති මුත් හා ඊට තමා සූදානම් වුවත්; තමා සදහන් කල නායකත්ව ලක්ෂණ හා එහි ගැබ්ව ඇති දර්ශනයට එහාගිය වඩාත් ප්‍රායෝගික හා යහපත් දර්ශනයක් ඇති යම් අයෙකු සිටීනම් එලෙස ගොඩනැගීමට බලපොරොත්තු වන සංවිධානයේ නායකත්වය ඔහුට හිමිවිය යුතු බවද බන්දුල ජයසේකරමුදලි පවසයි.
ඒ සදහා තමාගේ පූර්ණ සහයෝගය ලබාදෙන අතර යම් අවස්ථාවක් ලැබිය යුත්තේ එයට වඩාත් ම සුදුසු තැනත්තාටම බව ඔහු අවදාරණය කර සිටියි.
ඔහු සමග සම්බන්ධවීමට දුරකථන අංකයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
නීතීඥ බන්දුල ජයසේකරමුදලි
Mobile 0777399420
Whatsapp : 0777399420