කිලිනොච්චි නගරයේ පිහිටි පුද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට වෑයම් කළ

ආණ්ඩුවේ නිලධාරින් පන්නා දැමීමට නගරවැසියන් සමත්වී තිබේ.

රජයේ මිනිදෝරුවන් හා කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරින් එක්ව  ඊයේ [16] පෙරවරුවේ දී අදාළ ඉඩමේ  මැනුම් කටයුතු  ආරම්භ කිරීමත් සමග නගරවැසියෝ ඊට විරෝධය දැක්වුහ.

කිලිනොච්චි පැරණි රෝහල ඉදිරිපිට පිහිටි මෙම ඉඩම සම්බන්ධයෙන් නඩුවක් අධිකරණයේ විභාගය වෙමින් ඇති නිසා එය පවතින්නේ පොලිසිය යටතේය.

පොලිස් නිලධාරින්ද මිට කැඳවා තිබිණි.

ඉඩම් මැනීමේ කටයුතු ආරම්භ වීමත් සමග ඉඩමේ හිමිකරු හා ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග එතැනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් විරෝධය දැක්වීම හමුවේ මිනිදෝරුවන් හා ඉඩම් නිලධාරින් මැනීම් කටයුතු අත්හැර දමා තිබේ. 

 

 

 

 


 

THE LEADER TV

ආනන්ද පිටුපසින් ගන්ධබ්බයෙක් ! | මොණරවිලගේ ලියමන
 



ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්