කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් දැරුවද ආණ්ඩුවේ රූකඩ ලෙස හැසිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජිතයින් සූදානම් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.



 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. 

 
සියලු ප්‍රශ්නවලට යහපාලනය පලි නැහැ - හිටපු ජනාධිපති

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ, වර්තමානයේ තිබෙන සියලු ප්‍රශ්නවලට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවට ඇතැමුන් චෝදනා කළත් ඒ සියල්ල දීර්ඝ කාලයක් පුරා පැවති තත්ත්වයක් බවයි.

අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රීලනිප නායකයා පවසා සිටියේ, විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල අද වනවිට ජනතාව භුක්ති විඳිමින් සිටින බවය.

තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මෙසේද සඳහන් කළේය.

"මම මේ සභාවේ දැක්ක දෙයක් තමා සමහර වාද විවාදවලදී මේ සියලුම අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව පැත්තට තල්ලු කරනවා. යහපාලනයේ මේවා වුණේ කියලා. ඉතින් යහපාලන නායකයත් ඉන්නේ ආණ්ඩුවේ. ඉතින් මම කියන්නට ඕනේ අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව තුළ ඇති වුණ ඒවා නෙමෙයි. දීර්ඝ කාලයක් පුරා ඇති වුණ ප්‍රශ්න. විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල අද ජනතාව දුක්විඳින්නේ. විවෘත ආර්ථිකයේ හොඳ පැත්ත වගේම විශේෂයෙන්ම විදේශ වත්කම් හා මුල්‍ය කළමනාකරණයේ තිබුණු අනිසි කළමනාකරණය දේශපාලඥයින්ට ඕන විදියට කටයුතු කිරීම, අධි සුඛෝපභෝගී දේවල් පිටරටින් ගෙනඒම වැනි කාරණා සැලකිල්ලට ගත්විට මුලික වශයෙන් ම මේක අවුරුදු 30 - 40ක ප්‍රශ්නයක්. ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදායක් මේ රටේ ඕනෙම ආණ්ඩුවක් බලයට ආවහම තිබුණු ආණ්ඩුවට දොස් කියන එක. හැම ආණ්ඩුවක් ම එහෙම තමා. නමුත් ඒක සම්ප්‍රදායික සටන් පාඨයක්. යහපාලන ආණ්ඩුව තුළ විශාල වැඩකොටසක් මේ රටේ ජනතාවට අපි ඉෂ්ඨ කළා. අඩුපාඩුකම් තිබුණා. ඕන තරම් අඩුපාඩුකම් සිද්ධවෙනවා."



 

 

 

 


 

THE LEADER TV


මරාගේ මරාල ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
බැසිල් Hit Wicket වුනා ? | "ස" ගේ දැනගැනීම පිණිසයි 
 

‍‍

ගැටුමට එක්වූ පස්වෙනි කැබිනට් ඇමති‍‍

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image