රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් වලින් 80% ක් ඉදිරි පස් වසර තුළ මෙරට නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.



මෙවර අයවැය තුළින් ඒ සඳහා වන වැඩපිළිවෙලට ඉහළ සාර්ථකත්වයක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා කීය.

ඔහු එබව සඳහන් කර සිටියේ, ලංකාවේ පළමු වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව බණ්ඩාරගම ප්‍රදේශයේදී අද (17) නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එක්සත් ජනපදයේ ෆ්ලෙක්සිකෙයාර් (Flexicare) සමූහයට පූර්ණ අනුබද්ධ මෙරට සමාගමක් වන ෆ්ලෙක්සිකෙයාර් ලංකා පුද්ගලික සමාගම ලෙසින් මෙය ක්‍රියාත්මක වේ. නවීන නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන මෙහි මූලික ආරම්භක කටයුතු කොවිඩ් වසංගතය පැවති වකවානුව තුළ ආරම්භ කෙරිණි. රටවල් 120 ක් පුරා මෙහි නිෂ්පාදන බෙදා හැරීම සිදු කරන අතර නෙදර්ලන්තය, ජර්මනිය,චීනය ඇතුළු රටවල් රැසක එයට අනුබද්ධ කර්මාන්තශාලා ක්‍රියාත්මකය. මෙහි  ප්‍රධාන කර්මාන්තායතනය එක්සත් ජනපදයේ ස්ථාපිතව ඇත.

ඉදිරියේදී වෛද්‍ය උපකරණ ඇතුළු නිෂ්පාදන මෙරටින් අපනයනය කිරීමටද මෙහි සැලැසුම් කර තිබේ. එමෙන්ම ඉදිරියේදී සේවක සංඛ්‍යාව ඉහළ නංවමින් වඩාත් පුළුල් ලෙස කර්මාන්තායතනය ක්‍රියාත්මක කිරීමට එහි දෙවන අදියර යටතේ සැලැසුම් කර ඇති අතර මෙමගින් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමි වනු ඇත.

වෛද්‍ය උපකරණ ඇතුළු ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මෙරට ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති වැඩපිළිවෙල ඔස්සේ ලොව පුරා ආයෝජකයින්ට හොඳ අවස්ථාවක් ලැබී ඇතැයිද එමගින් එම නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමුඛ රටක් බවට මෙරට පත්වනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මෙහිදී කීය.

වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට මෙන්ම සැපයුම්කරුවන්ට ඉතා පැහැදිලි මාර්ගයක් මේ තුළ නිර්මාණය වී ඇතැයිද ආයෝජන මණ්ඩලයේ සහය මේ සඳහා නිරතුරුව හිමිවන්නේ යැයිද හෙතෙම කීය.

ඉතා පුළුල් බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක නව කර්මාන්තායතනය තුළින් ඉදිරියේදී රටේ අපනයන ක්‍රියාවලියට විශාල දායකත්වයක් හිමි වනු ඇතැයිද අමාත්‍යවරයා පැවසිය.

23423

2342342344

23423242

23423424

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ඕබෙ (Sarah Hulton Obe) ද එක්ව සිටියාය.

ෆ්ලෙක්සිකෙයාර් ලංකා පුද්ගලික සමාගමේ සභාපති ගසන් පුර්මන්ඩ්, කළමණාකාර අධ්‍යක්ෂ හැඩෂ් පුර්මන්ඩ් යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල, ජයන්ත කැටගොඩ යන මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

 

 


 

THE LEADER TV


මරාගේ මරාල ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
බැසිල් Hit Wicket වුනා ? | "ස" ගේ දැනගැනීම පිණිසයි 
 

‍‍

ගැටුමට එක්වූ පස්වෙනි කැබිනට් ඇමති‍‍

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image