ඉදිරි මාස කිහිපය තුලදී රටේ බරපතල ආර්ථික අර්බුදයක් මතුවිය හැකිබවත්, ඩොලර් හිඟය නිසා අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම පවා නොහැකි තත්වයක්

උදාවිය හැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එවැනි තත්වයක් තුල ලබන වසර මුලදී ගෙවිය යුතු බිලියන් 1.5 ක වන ණය වාරිකය ගෙවන්නේ කෙසේදැයි අමාත්‍ය විමල් වීරවංශ එහිදී විමසා සිටි අවස්ථාවේදී, මුදල් අමාත්‍යවරයා ඊට නිසි ප්‍රතිචාරයක් ලබා නොදුන් බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම කැබිනට් මණ්ඩලයේ දී ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කර ඇති පරිදි, ඇමැතිවරුන් පිරිසක් එහිදී යෝජනා කර ඇත්තේ මෙම බරපතළ අර්බුදය හමුවේ ඇති එකම විසඳුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම බවයි.

ශ්‍රී ලංකාවට දැඩිව බලපා ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් ණයක් ලබාගැනීම පිළිබඳව ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇති බවත්, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැනීම සඳහා ඩොලර් හිගය බරපතළ ලෙස බලපා ඇති නිසා තවත් ප්‍රමාද නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු විය යුතු යැයි ඇමතිවරු පිරිසක් එහිදී යෝජනා කර ඇති බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

IMF dollar

සංචාරක ව්‍යාපාරය දියුණු කර, විදේශ ආයෝජන හෝ ණය ගෙනවිත් රටේ පවතින ඩොලර් අර්බුදය ඉදිරි වසර දෙක තුළ විසඳා ගන්නා තෙක් වර්තමාන
රජය යම්කිසි ගැටළුවක පැටලී සිටින බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ද පසුගියදා ප්‍රකාශකර තිබිණ.

මිට පෙර ආණ්ඩු වලට නොතිබුන අර්බුද රැසකට වත්මන් ආණ්ඩුව මුහුණදී ඇති බව පවසන ඇමතිවරයා, එම  එම කාරණා මෙරට බුද්ධිමත් ජනතාව පිළිගනු ඇතැයි තමා විස්වාස කරන බවද කියා සිටියි.



මේ අතර 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය වූ 16 දා ඊට සහභාගී වෙමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ ආණ්ඩුවට යෝජනා කර සිටියේ, ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගන්න ලෙසයි.

'' රටේ ස්ථාවරභාවය ඇති කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් කතා කරන්න. ඒ අය කියන්නේ නැහැ රැකියා අඩු කරන්න කියලා. ඉන්දියාව වගේ රටවල් එක්ක කතා කරන්න. ඒ අයගෙන් සහය ගන්න. බැංකුවල තියෙන මුදල්වල වටිනාකම ඉස්සරහට නැති වෙන්න පුළුවන්. '' යයි හිටපු අගමැතිවරයා ආණ්ඩුවේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.




සබැඳි පුවත් :

ආණ්ඩුව මුණ දී සිටින අර්බුදය මෙන්න ! - ඇමති ගොඩහේවා පහදයි

'රටේ මධ්‍යම පන්තිය විනාශ කරන්න එපා ! - IMF එකට කතාකරන්න'

 
 
LEADER TV
 

බැසිල් Hit wicket  වුණා !
 


ගැටුමට එක්වූ පස්වෙනි කැබිනට් ඇමති!

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්