උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් අත්පත් කරගැනීමට දිගින් දිගටම උත්සාහ කරන ශ්‍රී ලංකා නාවික හමුදාව දෙමළ ජනතාව විසින් නැවත වතාවක් පසු බස්වා
තිබේ.
නොවැම්බර් 17 වැනි බදාදා උදෑසන යාපනයේ මාදගල් ප්‍රදේශයට පැමිණි රජයේ මිණින්දෝරුවෝ නාවික හමුදා කඳවුරට යාබද ඉඩමක මැනුම් කටයුතු ඇරඹියේ කඳවුර පුළුල් කිරීමේ යෝජනාවකට අනුවය.
නාවික නිලධාරීන්ගේ කැඳවීම අනුව පැමිණි රජයේ මිනුන්දෝරුවන්ට එහි පැමිණි ප්‍රදේශයේ ජනයා හා දේශපාලනඥයන්ගේ විරෝධය හමුවේ සිය මැනුම් කටයුතු අත්හැර දමා යාමට සිදු වී තිබේ.
හෙක්ටයාරයකට මදක් වැඩි මෙම ඉඩමේ පොදු සුසාන භූමියක් පැවති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊටම අයත්ව තිබු ළමා සුසාන භුමිය දැනටමත් හමුදාව අත්පත් කරගෙන ඇති කඳවුරු භූමියට අයත්වේ.
මහජන විරෝධය හමුවේ මිනුන්දෝරු නිලධාරින් ආපසු යාමට සැරසෙද්දී එතැනට පැමිණි මාදගල් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා කියා සිටියේ මේ ගැන සියලු පාර්ශව කැඳවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවන බවය.
ඒ අනුව සියලු දෙනාගේ අදහස් විමසා ඉඩම අත්පත් කරගැනීම ගැන තීරණය කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙම රැස්වීම එළඹෙන සතියේදීම කැඳවන බවට නාවික හමුදා නිලධාරියා සඳහන් කිරීමත් සමඟ ප්‍රදේශවාසී ජනයාගේ ඉල්ලීම වුයේ මාදගල් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඒ සඳහා ඇරයුම් කළ යුතු බවයි.
''මේ ප්‍රදේශය කියන්නේ අපේ ජිවිත එක්ක බැඳුනු දෙයක්, නාවික හමුදාව ඉන්න එකෙන් අපිට කිසිම වැඩක් නැහැ, ඒ හින්දා එයාලා පිටවෙලා යන්න ඕනේ,'' යැයි විරෝධතාවයට එක්ව සිටී මාදගල් ධිවර සමිති නායකයකු මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසින් විසින්, මෙම ඉඩම නාවික හමුදාවට පවරා ගැනීමට එරෙහිව විරෝධය දක්වා සකස් කළ ලියවිල්ලක් ද මිනින්දෝරු දෙපාර්තුමේන්තු නිලධාරින්ට බාර දෙන ලදී.
බැසිල් Hit wicket වුණා !
ගැටුමට එක්වූ පස්වෙනි කැබිනට් ඇමති!