ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියේ දෙවන සැමරුම සහ අගමැති මහින්ද රාජපක්ෂ ගේ ජන්ම දිනය අදට (18)ට යෙදී ඇත.


ඉකුත් 2019 වසරේ නොවැම්බර් මස 16 වැනිදා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ, අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දුන්නේ එම වසරේ නොවැම්බර් 18 වැනිදාය.

අදට යෙදී ඇති මෙම සුවිශේෂී වූ අවස්ථා දෙක සනිටුහන් කරමින්, 'යුදවිරුවන්' සැමරීමට උදෙසා අනුරාධපුරය අටමස්ථාන පුජා නගරයේ අභිනවයෙන් ඉඳිකෙරුණ සඳහිරුසෑය ස්ථූපය, වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදුකෙරේ.

මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි.

'මානුෂීය මෙහෙයුම' 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක් වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසයි.

‘සඳහි‍රුසෑය’ යන්නෙහි තේරුම ‘සඳමෙන් සෞම්‍ය හා හිරු මෙන් තේජස් බවින් යුක්ත රජුන්‘ යන්න බව පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසති.

256642425 4673522109374918 5070635687854094893 n

අපලයට බියවූ යහපාලන නායකයින් !


රාජපක්ෂවරුන්ගේ මුල් සැලැස්ම අනුව මෙම චෛත්‍යයේ වැඩ කටයුතු 2016 දී අවසන් කිරීමට අපේක්ෂා කළත් 2015 පත්වූ යහපාලන රජය මේ චෛත්‍යයේ ඉදිකිරීම් පිළිබඳව උනන්දුවක් නොදැක්වීය. ඊට ප්‍රධාන ම හේතුව ලෙස ලෙස ප්‍රකාශ වුයේ මෙම 'සඳහිරුසෑය' ඉඳිකරන හා විවෘත කරන රාජ්‍ය නායකත්වයට බරපතල අපල උපද්‍රව වලට මුහුණදීමට සිදුවිය හැකි බවට ඇතැම් ප්‍රකට ජෝතිශ්‍යවේදීන් සිදුකර තිබු අනතුරු ඇඟවීමයි.

ජෝතිශ්‍යවේදීන් ඊට හේතු ලෙස දක්වා තිබුනේ, බුදු රජාණන්වහන්සේ ගේ ධාතු තැම්පත් කළ  අනුරාධපුර මහමෙවුනා අටමස්ථානයේ තවත් ස්ථුපයක් ඉඳිකිරීම කිසිඳු ලෙසකින් නොකළ යුතු මුළු රටටම බරපතල අපල උපද්‍රව වලට ලක්විය හැකි කාරණයක් බවයි. එවැනි ඉඳිකිරීම් සඳහා උත්සහකල රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුම මෑත ඉතිහාසය තුලද හිටිහැටියේ ජිවිතක්ෂයට පත්ව බව එම ජෝතිශ්‍යවේදීන් විසින් පෙන්වා දී තිබිණ.

සඳහිරුසෑය' ඉඳිකිරීම සඳහා මුල්ගල් තැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2015 දී අන්ත පරාජයක් හිමිවුන්යේ මේ අපලයේම කොටසක් ලෙස බව එකල ප්‍රකාශ විය.


ඉතිහාසයේ රිද්මයට අනුචිත යි...


‘සඳහි‍රුසෑය’ ඉඳිකිරීම සම්බන්ධයෙන් මිට පෙර කිහිප අවස්ථාවකදීම අනතුරු ඇඟවීම් කර ඇති බෞද්ධ ශාසන ඉතිහාසය පිලිබඳ ප්‍රවීන විශ්ලේෂකයකු වන
සුජිත් අක්කරවත්ත පවසන්නේ, සඳහිරුසෑය ස්ථූපය මෙලෙස ඉඳිකළ වගකිවයුත්තන්ට නුදුරු අනාගතයේදී මෙහි ප්‍රතිවිපාක අත්වීම නියත බවයි.

ඔහු එබව කියා සිටියේ, NEXTV Next voice වැඩසටහනට සහභාගී වෙමිනි.

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට උන්වහන්සේ මහමෙව්නා උයනේ ස්තාන 8 ක වැඩහිටියේ අටමස්ථානයක් අවශ්‍ය නිසා බවත්, 9 ක් අවශ්‍ය නම් බුදුන් වහන්සේ ස්තාන 9 යට වඩිනා බවත් බවද සුජිත් අක්කරවත්ත, අටමස්තානයේ තවත් සෑයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් 2013 වසරේ පර්‍යේෂනාත්මකව ලේඛනය කළ බවද මෙහිදී පැවසිය.

යුද්ධය අවසන් කළ නායකයෙකුට මෙවැනි වැරදි උපදෙස් දුන් මහ සඟවරුන්, පුරාවිද්‍යා නිළධාරීන්, ආගමික නායකයින් මීට වගකිව යුතු බව සුජිත් අක්කර වත්ත සදහන් කළේය.

නුදුරු අනාගතයේදී  මෙහි ප්‍රතිවිපාක සියල්ලන්ටම අත්වීම නියත වශයෙන් ම සිදුවන බවයි ඔහු කියා සිටියේ. එය ඉතිහාසයේ රිද්මයට අනුචිත බවද ඔහු අවධාරණය කළේය.

තවද රුවන්වැලි සෑය අභිබවා විහාරයක් සෑදීමෙන් එය කඩා වැටෙන බවත් රුවන්වැලි සෑය ශ්‍රී ලංකාවේ  සමාජ, සංස්කෘතික, දේශපාලන බලය යන සියල්ලේ කේන්ද්‍රස්ථානය වන බවත් සුජිත් අක්කරවත්ත තවදුරටත් පැහැදිලි කර සිටියේය.

සමස්ත විග්‍රහයක් පහත වීඩියෝ වෙන්...






සබැඳි පුවත :


2015 දී මහින්දට අපළයක් වූ 'සඳහිරුසෑය' පුජා කිරීම උපන්දිනයටම !


ඔඅබ කියවිය යුතුම ලිපියක්


නාග ශාපය - සුජිත් අක්කරවත්ත


 
LEADER TV
 

බැසිල් Hit wicket  වුණා !
 


ගැටුමට එක්වූ පස්වෙනි කැබිනට් ඇමති!

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්