පළමු ධර්මය ප්‍රචාරයෙදී බුදුන් වහන්සේ හමු වී බිහිවූ නවක රහතන් වහන්සේලා තිස් නමක් ගෲප් සෙක්ස් කරපු තරුණයින් බව

බෞද්ධ ශාසන ඉතිහාසය පිලිබඳ ප්‍රවීන විශ්ලේෂකයකු වන සුජිත් අක්කරවත්ත පවසයි.

ඔහු එම කාරණය අනාවරණය කර ඇත්තේ,  NEXTV නාලිකාව සමග පැවති විශේෂ සාකච්ජාවක දී ය. එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කරයි.

''ලෝකය ඇතුළේ විශාල භවයන් ගණනාවක සංසාරය ඇතුලෙන්නේ අපි මේ හොයන්නේ බුද්ධත්වය කියන එක. නිග්ලේෂීවෙලා ශාස්තෘත්වය ලබපු කෙනාගේ දහමෙන් මුලින්ම එතෙර වුණු 60 නම. ඉතින් බුදුරජානන් වහන්සේට ධර්ම ප්‍රීතිය දනවපු අවස්ථා‍වක්නේ ඒක. තමන් ශාක්සාත් කරපු දේ ලෝකයෙන් 60 නමයි තේරුම් ගත්තේ. මතක තියාගන්න බුදුරජානන් වහන්සේ මේක ශාක්ෂාත් කරගත්තේ වෙසක් පොහොය, පොසොන් පෝය, ඇසළ පෝය, නිකිණි පෝය, බිනර පෝය, වප් පෝය, ඉල් පෝය. කියන මාස 6ක් තිස්සේ ...

ලෝකයට වෙච්ච දේවල් කියලා සත්‍ය පසන් කරගන්න පුළුවන් වුනේ 60 දෙනාටයි. ලෝකයේ ගොඩාක් දෙනා හිතන විදිහට නෙවෙයි දේවල් සිද්ධ වෙන්නේ. ඒ 60  නම හරිම ප්‍රභලයි. එතකොට මේ 60 නම සත්‍ය පසක් කරගත්තට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා ලෝකය නිවා සනසන එක ලේසි නැහැ කියලා.  

මේකෙන් අපි ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ උපරිම ඵලය ලැබුණට පස්සේ සමහරු හිතනවනේ අපි මොනවත් කරන්න ඕන නැහැ කියන එක. අපේ රටේ නායකයෝ අපි හැමෝටම තියෙන ලෙඩක් ඒක. හැබැයි බුදුරජානන් වහන්සේ කිව්වා ඵලය ලබාගත්තට පස්සේ තමයි  වැඩියෙන්ම ක්‍රියාශීලී වෙන්න ඕන කියලා.

බුදු වුණත් මහ රහත් වුණත් තමන්නේ ස්වකීය ශරීරය ගෙන ආපු ඒ කාය ශක්තිය නිමා වෙනකන් මට ඉන්න පුළුවන්. බුදුරජානන් වහන්සේට අසුවක් පරම ආයුෂ තිබුනා. ඉතින් උන්වහන්සේ බුදු වුණයි කියලා පරිනිර්වාන සම්පත්තියට පත්වෙලත් නැහැ. ඉතින්  මේ මිනිස්සු කොච්චර නරක වුණත් වැඩක් නැහැ. බුදුහාමුදුරුවන් කිව්වේ මේ ජීවිතේ හරියට නෙළුමක් වගෙයි කියලා. සත්ධර්මය කියන එකට උන් වහන්සේ උදාහරණයක් විදිහට පෙන්නුවේ කළල්, මඩ, කුණු දිය යටින් උඩට ආව වගේ අපි දණ්ඩ කඩා ගන්න ඕන.

සමාජානුයෝජනය කියන එක ලෝකයට, තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන්ට ඉගැන්නුවා බුදුරජානන් වහන්සේ. තමන් කොච්චර නිවැරදි වුණත් අනික් අය කොච්චර වැරදි වුණත් කමක් නැහැ. ඔවුන්ට නිවැරැද්ද වෙනුවෙන් කැප වෙන්න. ඒක මේ දේශපාලනය කරන්න හැම දේටම හොඳම ආදර්ශයක්.


පාඩම් පොත්වලිනුත් අපි අහලා තියෙනවා යසකුළපුත්‍රයෝ සහ ඔහුගේ යාළුවෝ 30 දෙනා ගැන. මොකටද ගියේ ගැහැණු ළමයෙක් අරගෙන සමූහ ලිංගිකත්වය යෙදෙන්න ගඟක් අයිනට අරන් ගියා. අද කාලේ විදිහට කියනවා නම් Group sex කියන්නේ. පළවෙනි රහත් 60න්  30 ක් අන්න ඒ අය. එතකොට අපි තේරුම් ගන්න ඕන ඉතාමත්ම කාමුක ඉරියව්වලින් ජීවිතය විචිත්‍රවත් කරපු යස කුල පුත්‍රයාගේ කණ්ඩායම තමයි මේ 60 ඉන්න එක පිරිසක්.


මේ වගේ විවිධ අය මේ 60 හිටියා. ඉතින් මේ 60 ඇතුළට බුදුහාමුදුරුවෝ කියපු වැදගත් දේ තමයි අද අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේගේ දහම, රාජ්‍ය බලය ඇතත් නැතත් පැතිරෙන්න හේතු වුණේ ජීවිතය දෘඩපු සත්‍ය දැකපු එකිනෙකට වෙනස් මනුෂ්‍ය සමුදායක් තමයි මේ පසක් කිරීම සිද්ධකරගන්නේ.

බුදුහාමුදුරුවෝ කිව්වා එක මග යන්න එපා කියලා. ඒ කිව්වේ දෙගොල්ලෝ බෙදිලා යන්න කියපු එක නෙවෙයි. එක මඟ කියන්නේ මිනිස්සු විවිධයි. මෙයා මේ මාර්ගයෙන්ම යන්න එපා මාර්ග විවිධයි. මාර්ග කිව්වේ මේ පාරේ මාර්ග නෙවෙයි. ඥානය සඳහා මිනිස්සු දැකපු ලෝක විවිධයි. මිනිස්සුන්ට සත්‍ය වටහා ගැනීමට තියෙන මාර්ගත් විවිධයි.  බහුවිධව දේශනා කරන්න. බහුවිධව ගමන් කරන්න. එකම ප්‍රතිපත්තියක රංචුවක් විදිහට ඉන්න එපා කියලා නෙවෙයි මේ කිව්වේ.

නිවන පසක්කර ගත්තට පස්සේ අපි කාටවත් තනි නැහැ. තව කෙනෙක් උවමනා වෙන්නේ නැහැ. ඔහුට ස්වකීයව මේ ලෝකය මෙහෙයවන්නට පුළුවන්. ඒ නිසා අර විප්ලවීය දේ දුන්නා. තම අරමුණ වෙනුවෙන් සියල්ල අත හැරපු ශිෂ්‍ය පුත්‍රයන්ට කිව්වා දැන් ඔබට අවස්ථාව තියෙනවා ඔබට පුළුවන්ද ඔබ වැනි කෙනෙක් නිර්මාණය කරලා ලෝකයට දෙන්න. මේ අභියෝගය තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන්ට දුන්නා. ඒ 60 නම හිතාගත්තා ඔව් මාර්ග 60 කින් ගිහිල්ලා 60 විදිහකින් මේක කරන්න ඕන කියලා. ඒකයි මම කිව්වේ මාස 6 ක් ගිහිල්ලත් හිටියේ 60 නමයි.

 


 

LEADER TV
 

රාජපක්ෂලාගේ දෙකඩ පාලනයේ අලුත්ම ඉත්තා!
 

 
 
බැසිල් Hit wicket  වුණා !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්