ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට අයත් යාත්‍රාවක දකුණු ඉන්දියානු ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේ දී ගැටී මුහුද මැද මියගිය දකුණු තමිල්නාඩු ධීවරයකුගේ සිරුර

ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මණ්ඩලය නියෝග කර තිබේ.

මසකට ඉහතදී මරණයට පත්වූ පුදුක්කෝට්ටෙයිහි ආර්. රාජ් කිරාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව නොවැම්බර් 24 වැනිදා අධිකරණයට භාර දීමට නියමිතය.

 නාවික හමුදාව පළමුව ඔහුට වෙඩි තැබූ බවත් පසුව අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකා නාවික  යාත්‍රාව ඔහුගේ බෝට්ටුවෙහි ඝට්ටනය කර ඇති බවත් චෝදනා කරමින්, මිය ගිය තිස් හැවිරිදි  ධීවරයාගේ බිරිඳ වන ආර්. බෘන්දා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.


rajikaran
 මෘත දේහය ගො⁣ඩගෙන නැවත පශ්චාත්  මරණ පරීක්ෂණය එම ස්ථානයේ දීම සිදු කිරීමට කටයුතු කරන ලෙස විනිසුරු G. R. ස්වාමිනාදන් විසින් පුදුක්කෝට්ටෙයි දිස්ත්‍රික් බලධාරීන්ට නියෝග කර ඇත.

 විනිසුරු වරයා ප්‍රකාශ කර ඇත්තේ පෙත්සම්කාරිය විසින් නිර්ව්‍යාජ සැකයක් මතු කරන අවස්ථාවක දී එය සමනය කිරීම රජයේ කාර්යභාරය බවයි.

 මල සිරුර ගොඩගන්නා සහ මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශ්‍රාමික මහාචාර්යවරයකුට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

 මේ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසත් එහි පිටපතක් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයාට ද භාර දෙන ලෙසත් නියෝග කළ අධිකරණය නඩු විභාගය නොවැම්බර් 24 වැනිදාට කල් තැබිණි.


RS

එස් සුගන්දන් සහ ආරෝක්‍යා ෂේවියර්

 

තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමද පෙත්සම්කාරිය බලාපොරොත්තු වේ. ඇයගේ ස්වාමිපුරුෂයා වන රාජ් කිරාන්, එස් සුගන්දන් සහ ආරෝක්‍යා ෂේවියර් සමඟ ඔක්තෝබර් 18 වැනි දින සුරේෂ්කුමාර්ට අයත් බෝට්ටුවකින් මුහුදු ගිය බව ඇය පැවසුවාය.

 ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාව පසු කරමින් ශ්‍රී  ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති බව පවසමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකින් ඔවුන්ව මඟ දී අල්ලාගෙන තිබේ. මෙම ධීවරයින් බලධාරීන්ගෙන් බේරී පලා යාමට උත්සාහ කොට ඇත.

 ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ ලංකා සාගර කලාපයට ඇතුල්වූ ඉන්දීය යාත්‍රාව නාවික හමුදා යාත්‍රා දැකීමෙන් බියපත්ව පලා යාමේදී කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ දී නාවික හමුදා යාත්‍රාවේ හප්පා ගිලී ගිය බවයි.

නමුත්, මියගිය කිරාන්ගේ බිරිඳ බෘන්ඩා පවසනුයේ එම ස්ථානයට නාවික සැතපුම් 02ක් පමණ දුරින් සිටි ධීවරයන් කිහිප දෙනකු, රාජ් කිරාන් ට වෙඩ වැදී සිහිසුන්ව බෝට්ටුව තුළ වැටී සිටි බව පැවසූ බවයි. අනෙක් ධීවරයින් දෙදෙනා බලධාරීන්  විසින් රඳවාගෙන ඇත.

 රාජ් කිරාන්ගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලෙහි  පවත්වා ඇත. පසුව, සිරුර ඉන්දියානු බලධාරීන්ට භාර දී ඇත. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ සහතිකය තවමත් භාර දී නොමැති බව ඇය විසින් පවසන ලදී.

 මෘත දේහය, ඉන්දියානු  බලධාරීන් විසින් කෝට්ටයිපට්ටිනම් වරායට ගෙනවිත් පවුලේ ඥාතීන්ට භාර දී ඇත. නමුත් දේහය නිවසට ගෙන යාමට බලධාරීන් අවසර ලබා දී නොමැති අතර එය සුසාන භූමියට ගෙන ගොස් භූමදානය කොට ඇත.

 අදාල බලධාරීන් විසින් ලබා දුන් තම ස්වාමිපුරුෂයාගේ මෘත දේහයේ ඡායාරූප කිහිපයක් ඇය විසින් පරීක්ෂා කළ විට දේහයේ තුවාලඇතැයි ඒත්තු ගිය බවත් ආර් බෘන්දා අධිකරණයට පවසා තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා බෝට්ටුව ඉන්දීය ධීවර යාත්‍රාවේ හැප්පීම නිසා තම තරුණ වෘත්තීය සගයා මිය ගොස් ඇති බවට චෝදනා කරමින් පසුගිය මාසයේ විරෝධතා පැවැත්වු තමිල්නාඩු ධීවර සංගම් ඉන්දීය රජය මෙම ප්‍රහාර වැලක්වීමට මැදිහත් විය යුතු බවට බලකර සිටියේය.



indian

තමිල්නාඩු ධීවරයින් විරෝධතාවයේ...

 

 

සබැඳි පුවත් :


ශ්‍රී ලංකා නාවික හමුදාව 'චන්ඩි රැලක්' වගේ - ඉන්දීය චෝදනා


 
 
 
LEADER TV

 

රාජපක්ෂලාගේ දෙකඩ පාලනයේ අලුත්ම ඉත්තා!
 


මරාගේ මරාල ! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්