වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන නිහඩ පිළිවෙතට විරෝධය පා ඉල්ලීම් හතක් මුලික කරගනිමින් වර්ජන ක්‍රියා මාර්ගයක් දියත් කිරීමට සුව සේවයේ
වෘත්තිය සමිති නායකත්වය තිරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ, නොවැම්බර් මස 24 සහ 25 දෙදින වර්ජන ක්‍රියා මාර්ගය දියත් කිරීමට එම සම්මේලනය තීරණය කළ බවයි.
පහත ඉල්ලීම් හත මූලික කර ගනිමින් දියත් කෙරෙන වෘත්තිය ක්‍රියාමාර්ගයට පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් පනස් දහසක් පමණ අවතීර්ණ වන බව රවී කුමුදේශ් වැඩි දුරටත් සදහන් කරයි.
01. වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය වහා නිවැරදි කිරීම,
02. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සදහා පිළගත් වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම,
03. වෛද්‍ය පරිපාලනයකට සීමා වී අති "සෞඛ්‍ය කළමනාකරණය" සෞඛ්‍ය පරිපාලන සේවාවක් බවට පත් කිරීම,
04. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල DAT දීමනාව වහා ලබා දීම,
05. අමතර දීමනා සදහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම,
06. මාණ්ඩලික සේවා තත්වය, 5/7 උසස් වීම් වලට අදාල චක්‍රලේඛ වහා නිකුත් කිරීම,
07. සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම.
මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
'සඳහිරුසෑ' යුද ස්මාරකය අගමැතිට අපලයක් වෙයි ?