කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි, ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක අද අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය

ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නිහාල් තල්දූව පැවසීය.

අළුයම 05.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී තිබේ.

ගින්න සැලවීමත් සමගම ගිනි නිවන හමුදාව, කොළඹ මහ නගරසභා ගිනිනිවීම් ඒකකය සහ පොලීසිය වහාම ක්‍රියාත්මක වී ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව අනාවරණය වී ඇතැයි ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

පිපිරීමට හේතුව නිශ්චිතය තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

  

 

image 126f09a628

image 7e9cf6e20c

LEADER TV

මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
 



'සඳහිරුසෑ' යුද ස්මාරකය අගමැතිට අපලයක් වෙයි ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්