දෙමළ මහවිරුවන් සැමරීමේ තහනම් නියෝගයක් බාර දීමට ගිය පොලීසිය ආපසු හරවා යැවීමට උතුරේ දේශපාලන ක්‍රියාධරයකු සමත්වී තිබේ.



මුලතිව් පොලිසිය විසින් පසුගිය 17 වැනිදා මාන්කුලම් උසාවියෙන් ලබාගත් මහවිරු සැමරුම් තහනම් නියෝගය 19 වැනිදා බාර දීමට පැමිණ තිබුනේ මුලතිව් වෙසෙන තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභික සහ තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික පීටර් ඉලන්චේලියන්ගේ නිවෙසටයි.

තහනම් නියෝගයේ සඳහන් වන්නේ තමන්ගේ නම නොවන බව පෙන්වා දුන් ඉලන්චේලියන් කියා ඇත්තේ මෙම නියෝගය තමන්ට අදාළ නොවන බවයි.

මාන්කුලම් උසාවිය මගින් නියෝගය නිකුත් කර ඇත්තේ ඔහුගේ මියගිය පියාගේ නමටයි.



ඔහු පොලිසියට කියා ඇත්තේ නැවතත් අධිකරණයට ගොස් නම නිවැරදිව දක්වා තහනම් නියෝග ලබා ගන්නා ලෙසයි. මියගිය එකම පුද්ගලයාගේ නමට පොලිසිය විසින් දෙමාසයක් ඇතුලත උසාවියෙන් තහනම් නියෝග ලබාගත් දෙවැනි අවස්ථාව මෙයයි.

 


පසුගිය සැප්තැම්බරයේ ද මුලතිව් උසාවිය ඉලන්චේලියන්ගේ පියා වූ 2016 දී අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභික ඇන්ටන් ජෙගනාදන් වෙත මගින් දිලීපන් සමරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

IMG 20210925 WA0043 1මුලතිව් මහේස්ත්‍රාත් ආර් සරවනරාජා විසින් තහනම් නියෝගය නිකුත් කර තිබුනේ  2016 දී අභාවප්‍රාප්ත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභික ඇන්ටන් ජෙගනාදන් වෙතය.


නොවැම්බර් 21 වැනිදා සිට 27  වැනිදා දක්වා පැවැත්වෙන දෙමළ මහවිරු සැමරුම තම බල ප්‍රදේශයේ දී අනුස්මරණය හා උත්සව සංවිධානය තහනම් කරමින් නියෝගයක් පනවන ලෙස ඉල්ලා මුලතිව් පොලිස් ස්ථානාධිපති විසින් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි.

එය විභාගයට ගත් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා විසින් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිහරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ එම්.කේ.සිවාජිලිංගම්, සිවප්‍රකාෂන් සිවමෝහන්, සමාජ ක්‍රියාධරයන් වූ  මුත්තුරාසා සිවනේසරාසා, තම්බයියා යෝගේෂ්වරම්, ඇන්ටන් ජිවරාසා, පේදුරුපිල්ලේ ජෙරාඩ්, විශ්වලිංගම් විග්නේශ්වරන්, අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් දිසා නායිකා මරියසුරේෂ් ඊශ්වරී සහ පීටර් ඉලන්චේලියන් ඇතුළු 12 දෙනෙකුට මහවිරු සැමරුම් හා උත්සව සංවිධානය තහනම් කරමින් නියෝග නිකුත් කර ඇත.


සබැඳි පුවත:

දිලීපන් සමරු තහංචි නියෝගය බාර දෙන්න පොලිසියට කනත්තට යන්න කියලා

 

 


 

LEADER TV

'ස' හෙළුවෙන් !!
 
 
 
 
 
මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්