අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ යුධ ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට වැඩම නොකරමින්, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක

ස්වර්ණමාලී මහා සෑය විහාරාධිපති සාහිත්‍ය ශූරී පූජනීය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විරෝධය ප්‍රකාශ කරයි.

සසුනටත් ඉතිහාසයටත් බෞද්ධ සම්ප්‍රදායටත් එරෙහි සදහිරු සෑයට උන්වහන්සේ ස්වකීය විරෝධය පළ කර ඇත්තේ, අවිරෝධදණ්ඩ නමින් බුදුන් වහන්සේ භික්ෂුවකට වදාළ විරෝධාත්මක ක්‍රමය භාවිතා කරමිනි.

 

මහාසෑය ආරක්ෂා කිරීම සඳහා ස්වකිය ජිවිතයම කැපකොට සිටින පූජනීය පල්ලෙගම හේමරතන නායකපාණන් වහන්සේ මෙම යුද ස්මාරකය ගොඩනැගෙන මොහොතේ සිටම එය මගින් ශාසනයට සහ ඉතිහාස සම්ප්‍රදායට වන්නා වූ විනාශය මෙන්ම රාජපක්ෂ පවුලට පත්වන්නාවූ අගතිය ද සෘජුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දෙපලටම ප්‍රකාශ කරන සිටී මහමෙව්නා අටමස්ථාන භාරකාර මහා සෑය ප්‍රධාන නායක භික්ෂූන් වහන්සේ ද වේ.

 

භික්ෂුවක් සතු විය යුතු අධීන නිකළැල් සහ නිර්භය සන්සුන් නායකත්වය උන්වහන්සේ පෙන්වා ඇත. මෙම අදීනත්වය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සිදුකොට පෙන්වා දී ඇත්තේ භික්ෂුත්වයේ ගුණ ප්‍රකට කරමින්ය.

නොවැම්බර් 18 වෙනිදා පැවති ‘සඳ හිරු සෑය’ යුධ ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වැඩමවා ගෙන යාමට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා විහාරස්ථානයට ම පැමිණ ඇතත් උන්වහන්සේ එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.




සබැඳි පුවත්

'රණවිරුවන්' උදෙසා ඉඳිකළ 'සඳහිරු මහ සෑය' සසුනට පිදුණු වගයි!

‘සඳහිරු සෑය’ මහින්දට යලි අපලයක් වෙයිද ?

2015 දී මහින්දට අපළයක් වූ 'සඳහිරුසෑය' පුජා කිරීම උපන්දිනයටම !

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත





The Leader TV

 

'සඳහිරුසෑ' යුද ස්මාරකය අගමැතිට අපලයක් වෙයි ?

 

 

නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති... !!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්