1200 x 80 DMirror
 
 

පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කුක්කුර ජාතකේ බල්ලා වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්

පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහණී කවිරත්න පවසයි.

''බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි. ගෙරි හමේ සුවඳ - චීන අශුචි සුවඳ ආවාම ඉවසන්න බෑ. අප තථාගතයානන්වහන්සේ කලා වගේ මී කිරියි - තණකොළයි  කලා දැන් වමනේ කරනවා. පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි. රජගෙදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කනවා. ඒක ගැන කිව්වාම චීන අශුචි පොහොර නැනෝ පෙහොර හොරා කාපු රජගෙදර එකා බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහණී කවිරත්න අද (21) රත්තොට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් පැවසුවාය.  

ඇය එසේ දැඩි ආවේගයකින් යුතුව අදහස් දැක්වුයේ, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අනුගාමිකයකු වන පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරියට මෙන්ම සමස්ත කාන්තාවන්ට අපහාස වන අන්දමින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළකරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසිය.





කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂට එල්ලවී ඇති පොහොර මගඩි චෝදනා වලට විරෝධය පළකරමින් තිස්ස කුට්ටිආරච්චි එසේ සිදුකරනු ලැබූ ප්‍රකාශයට අද පෙරවරුවේ මාධ්‍ය හමුවේ ප්‍රතිචාර දැක්වූ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය තවදුරටත් මෙසේද පැවසුවාය.


''මම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක කුක්කුර ජාතකේ රජගෙදර බදුල්ලේ බල්ලා බුරලා තිබුණා. චීන අශුචි නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවනවා. නැනෝ පොහොරවලින් රු.කෝටි 1100 ක් හොරකං කරලා තියෙනවා. මේවා ගැන කියනකොට මොණරාගල - බදුල්ලේ ගොවියොන්ගේ ඡන්දෙන් ආපු උන්ට පිස්සු හැදෙනවා. මේ හොරකම ලංකාවේ එක ගොවි පවුලකින් රු. 8000 ක් හොරකං කරලා තියෙනවා. 

 

මොණරාගල ගොවියෝ අතර මේ හොරාකාපු මුදල බෙදුවොත් එක් පවුලකට රු. හාර ලක්ෂ තිස් දහසක් ලැබෙනවා. බදුල්ලේ ගොවියෝ අතර බෙදුවොත් රු. තුන් ලක්ෂ හැට දහසක් ලැබෙනවා. මැදමුලනේ කුඹුරු යායවත් අස්වද්දලා නෑ. බෙලිඅත්තේ, තිස්මහාරාමයේ කුඹුරු ටිකත් විනාශයි. මේවා කියනකොට රජගෙර බල්ලා පිස්සු වැටෙනවා.  බදුල්ලේ - මොණරාගල චන්දේ දුන්න අයට බටු තියා දැන් ලබු ගෙඩියක්වත් නෑ.

 

දැන්  කාබනික බයියෝ ‘‘කිරි හට්ටියකුයි, තණකොළ ටිකකුයි‘‘ කාලා ඉවරයි.  වමනේ දාන්නම වෙනවා.  වමනේ දාපුවාම දැනගන්න පුළුවන් කොයි බල්ලා ද චීන අශුචි ඉන්දියන් නැනෝ පොහොර ගිලලා තියෙන්නේ කියලා.  රජ ගෙදර බල්ලා ගැන කවියක් තියෙනවා,


“රජමැදුරේ හැදුනු වැඩුනු – ලස්සන පෙනුමැතිව සිටින
රජ ගෙදර බල්ලන් හට – දඬුවමකුත් නැත්තේ
රැකවල් නැති පිහිටක් නැති – අපටයි මේ දඬුවම්!

කියලා තමයි දැන් බදුල්ලේ මොණරාගල ගොවියෝ කියන්නේ.

මතක තියා ගන්න, මේ රටේ ගොවියෝ විනාශ කරලා, මොණරාගල, ඌවේ විතරක් නෙවෙයි මුළු රටේම බටු ගෙඩියක් හැදෙන්නේ නැති කාන්තාරයක් කරපු මේ ආණ්ඩුව ගහල ගන්න බටු ගැන කතා කරනවා. ඔය කියන ජාතියේ ගහල, පලා වර්ග, බටු හැදුණ රටක් තමයි අද බෝංචි 700 යි, තක්කාලි 800, අල 450 යි, කැරට් 800 යි, කෙහෙල් මුවත් රු. 200 යි. අලු කෙසෙල් රු. 240 යි වෙලා තියෙන්නේ.

මහ කන්නේ ඉවරයි. අද ඉදන් ශාක පොහෝෂක කියලා යූරියා ගෙන්වනවාලු. මේ හදන්නේ චීන අශුචි නැවේ මිලිය 6.7 ක ගඳ වහගන්න.

අද ගොවියාට ඕනි දිලීර නාශක, කෘමි නාශක, වල් නාශක යි. කෘෂිකර්ම අමාත්‍යාංශය දන්නේ නෑ මේවා ගෙන්වනවාද? කවද්ද ගෙවන්නේ?  කොච්චර ද ගෙන්වන්නේ?  කොහොම ද බෙදන්නේ කියලා.

 

කෘෂි රසායනය රිවස් කිරීම රට රවටන බොරුවක්. මේ හදන්නේ කෘෂි රසායන ඒකාධිකාරය තන සමාගමකට දීලා කෝටි ප්‍රකෝටි ගානක් හොරකම් කරන්නයි. වෙනදා වගේ විවෘත වෙළෙඳපොලේ පොහොර බෙහෙත් නැතිනම් ගොවිතැන ඉවරයි යැයි ද කවිරත්න මන්ත්‍රී වරිය පැවසුවාය.

 

තිස්සකුට්ටි පොහොට්ටුවේ තරම පෙන්නයි !


පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තුව අමතමින් සමස්ත කාන්තා පරපුරට ම අපහාස වන අන්දමින් සිදුකල ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය හෙළ දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති 'කැෆේ සංවිධානය' පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳට අපහාස වන ආකාරයේ අසභ්‍ය ප්‍රකාශනයක් සිදුකිරීම ශිෂ්ට සමාජයක් විසින් අනුමත නොකරන බවයි.

රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළදී  පවා කාන්තාව මෙලෙස හෑල්ලුවට ලක් කරන්නේ  නම් තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රී වරුන් ජනතාවට නායකත්වය ලබාදෙන ආකාරය පිළිබඳ සිතාගත හැකි බව 'කැෆේ' සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

Surangi Ariyawanshas

වර්තමානයේ දේශපාලනයේ නිරත කාන්තාව මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය මෙවැනි "ඊනියා චණ්ඩි පිරිමින්ගේ " හැසිරීම් බව පෙන්වා දෙන සුරංගි ආරියවංශ  සඳහන් කරන්නේ මෙවැනි තර්ජනයන්ට මුහුණ දීම සඳහා බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් කැ‌ෆේ සංවිධානය විසින් මේ වනවිටත් දියත් කර ඇති බවයි.


''මාතර එන්න එපා! කලිසම ගලවලා යවන්නෙ.'' - රෙහාන් කියයි


පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන 'සමගි ජන බලවේගයේ' වැලිගම ප්‍රධාන සංවිධායක හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම පවසන්නේ, පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ස්ථානයක මෙවැනි තක්කඩි, සක්කිලි ප්‍රකාශ සිදු කිරීම අනුමත කල නොහැකි බවයි.

වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම එලෙස සඳහන් කලේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමිනි.

"ගෑනුන්ට කතා කරන්න ගරු කරන්න ඉගනගන්න, මාතර වැලිගම, දකුණු පලාතේ සීමාව පැන්නොත් මතක තියාගන්න කලිසම ගලවලා ගෙදර යවන්නේ " යයි
ඔහු කියා සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ දකුණේ ක්‍රමයට තම දෙමාපියන් තමන්ට උගන්වා ඇත්තේ සියල්ලන්ටම වඩා ගැහැණියට ගරු කල යුතු බවයි.

 තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ  බිරිඳ ජලනි ප්‍රේමදාසට පමණක් නොව සියලු කාන්තාවන්ට එක සේ ගරු කල යුතු බව ඔහු ප්‍රකාශ කර සිටියි.

 

 




THE  LEADER  TV


පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 


සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ?
 


නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති... !!

 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58