මේ වනවිට රට තුළට ගෙනවිත් ඇති නැනෝ යූරියා මෙරටට ගෙනාවේ තමන් නොවන බවත් තමන්ගේ අමාත්‍යාංශය කාබනික පොහොර පිළිබඳ

අමාත්‍යාංශයක් මිස පිටරටින් පොහොර ආනයනය කරන අමාත්‍යාංශයක් නොවන බවත් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ නැනෝ යූරියා මෙරටට ගෙනඒමේ කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බවට සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි.

“මගේ අමාත්‍යාංශය තිබෙන්නේ කාබනික වගාවට. කාබනික වගාව කියලා කියන්නේ පිටරටින් පොහොර ගෙනල්ලා කරන වගාවකට නෙවෙයි. එහෙම වගාවකදී මගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මොකද මම මේ අමාත්‍යාංශය බාරගන්නේ ජුනි මාසයේදි. මේ කටයුත්ත කිරීමේදී සියලු තීන්දු තීරණ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය. විශේෂයෙන්ම මම මේ පිළිබඳව සම්බන්ධතාවයක් නැහැ.” යැයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

 

කෙසේ වෙතත් පසුගිය 18 වනදා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ එම නැනෝ යූරියා සම්බන්ධයෙන් කටයුතු කළේ තම අමාත්‍යාංශය නොව ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමති යටතේ ඇති පොහොර අමාත්‍යාංශයෙන් බවයි.

 

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපතිවරයා විසින් පොහොර විෂයට අදාල සියලු රාජ්‍ය ආයතන හා ඊට අදාළ සියලු වගකීම් ගැසට් මගින් පවරා දී ඇත්තේ ශෂින්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයාගේ රාජ්‍ය අමාත්‍යංශය වෙත බවයි.

ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති එම ගැසට් නිවේදනයට අනුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, සීමාසහිත ජනතා පර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස් යන රාජ්‍ය ආයතන ශෂින්ද්‍ර රාජපක්ෂ යටතට පවරා ඇති අතර ආන්දෝලනාත්මක චීන පොහොර ගෙවීමේ ඇනවුම සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් සිදුකර ඇති අතර ඉන්දියාවෙන් නැනෝ යූරියා ගෙන්වීම සිදුකර ඇත්තේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහාය.



WhatsApp Image 2021 11 22 at 8.38.16 AM

123 Image 2021 11 22 at 8.38.16 AM 1

අප වෙත තොරතුරු ලබාදුන් ජනාධිපති කාර්යාල නිලධාරියා සඳහන් කළ පරිදි, පොහොර සාම්පල් පරික්ෂාව, ටෙන්ඩර් මණ්ඩල පත්කිරීම, පොහොර නිෂ්පාදනය, පොහොර ආනයනය, මිල ගන්න තීන්දු කිරීම, බෙදාහැරීම ආදී කටයුතු පොහොර රාජ්‍ය අමාත්‍යංශය වෙත පවරා තිබේ. පොහොර පනත ක්‍රියාත්මක වන්නේ ද එම රාජ්‍ය අමාත්‍යංශය යටතේය.

මේ අතර ඉන්දියාවෙන් නැනෝ යූරියා ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇද්දැයි සොයා බලා තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත නියෝගකර ඇත.

 

 



 සබැඳි පුවත


ජනාධිපති නියමයෙන් CID විමර්ශයක් ! - නැනෝ පොහොර ගෙනා ඒජන්ත CID යට






THE  LEADER  TV


හිටං ඔහේ නිකං හිටියා! | මොණරවිලගේ ලියමන

 



පෝර හොරා ! | මොණරවිලගේ ලියමන

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්