දෙමළ මහවිරු සතිය නොවැම්බර් 21 දා ආරම්භ වීමත් සමගම ආණ්ඩුව විසින් අවසන් යුද්ධයේ ලේ ගලාගිය මුල්ලිවයික්කාල් ඇතුළු වන්නි පළාතේ සන්නද්ධ
රැකවල් තවත් තරකොට තිබේ.
සෑම දෙදෙනකුටම එක සොල්දාදුවකු බැගින් ඉන්නා බවට ගණන් බලා ඇති මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවකම අලුතින් සන්නද්ධ ආරක්ෂක කපොලු පිහිටුවා සමරු කටයුතු සංවිධානය කෙරෙන බවට සැකකෙරෙන්නන්ට එරෙහිව දැනට සියයකට වැඩි තහනම් නියෝග ලබාගෙන ඇති බව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පළාත්බද වාර්තාකරුවන් පවසන පරිදි යුද්ධයෙන් පසුව රජයේ ආරක්ෂක අංශ විසින් ඩෝසර් කරන ලද මහවිරු සුසාන භූමි සියල්ලකටම පාහේ තහංචි දමා අලුතින් සෝදිසි කුටි ඉදිකර ඇති ආකාරය දැකගත හැකිය.
මුල්ලියාවලි මහවිරු සුසාන භූමිය ඉදිරිපිට, තේරාවිල් මහවිරු සුසාන භූමියට මුහුණලා ඇති මාර්ගය, අලම්පිල් මහවිරු සුසාන භූමිය ඉදිරිපිට සහ ඉරනප්පලෙයි මහවිරු සුසාන භූමිය අසල මංසන්ධිය එවන් ස්ථාන කිහිපයකි.
යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් සැමරීම සඳහා ඉදිකර ඇති මුල්ලිවයික්කාල් ස්මාරකය අසල දෙදිනක සිට දවසේ පැය 24 පුරාම සන්නද්ධ පොලිස් භට කණ්ඩායමක් යොදවා ඒ කරා වැටී ඇති සෑම පාරකම මුරකපොලු ඉදිකර සමරු භුමිය අවට නොපෙනෙන ලෙසින් ඉදිකර ඇති මුරකුටිවල සිට සෝදිසි මෙහෙයුමක් සිදුකෙරෙන බවද ප්‍රදේශවාසීහු පවසති.
සමරු භූමිය අවට කෝවිල්, කිතුනු දේවස්ථාන සහ ප්‍රජා ශාලා අසලද භට පිරිස් යොදවා ඇත.
යුද වැදී මියගිය තම නෑසිය හිතවතුන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් සමරනු ලබන දෙමළ මහවිරු සතිය නොවැම්බර් 21 සිට 27 දක්වා යෙදී තිබේ.
THE LEADER TV
හිටං ඔහේ නිකං හිටියා! | මොණරවිලගේ ලියමන
පෝර හොරා ! | මොණරවිලගේ ලියමන