නිවසේ ගෑස් නොමැතකම හේතුවෙන් තමන්ගේ බිරිය ද තමාගෙන් දැන් සැපද කියා අසන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න පවසයි.
ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග විවේචනය කරමින් ඔහු එබව සඳහන් කලේ පුත්තලමේ ඊයේ (21) පැවති මහජන හමුවකදීය.
මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටිය දී රැස්වීම අමතමින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හා බඩු මිල ඉහලයාම් හාස්‍යයෙන් යුතුව විවේචනය කලේ 'ආ දැන් සැපද ? කියාය. මේවනවිට එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්වෙමින් ඇති අතර ප්‍රියංකර ජයරත්න ඇමතිවරයා පවසන පරිදි ඇමතිවරුන්ගේ බිරින්දෑ වරුන්ගේ ද විහිලුවට ලක්ව ඇත.
පුත්තලමේ රැස්වීම අමතමින් ප්‍රියංකර ජයරත්න ඇමතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.
''පොහොර ප්‍රශ්ණය තියෙනවා, අපේ නෝනත් අහනවා මගෙන් දැන් සැපද කියලා ගෑස් නෑ කියලා. මගෙන් අහනවා සැපද කියලා මාත් කියනවා දැන් සැපයි කියලා. අපේ ගෙදර තියෙන ප්රශ්නය මට ඇමතිවරයෙක් හැටියට ගෑස් එකක් ගන්න බැරි නම් ඔබ කොහොමද ගෑස් ගන්නේ.
වැවක් හදන ලක්ෂ 15 නැත්නම් වැවක් හදන්න බෑ. චමල් රාජපක්ෂ ඇමතිතුමාට කිවුවා ගිහිල්ලා අරුන්දිකයි, මමයි, චින්තක මායදුන්නයි, අසන්ක ප්‍රියන්තයි. වැවක් ඕනෙම නම් ලක්ෂ 15ක් දෙන්න ඕනේ. නායකයාට.මොකක්ද මේකද දේශපාලනය. ඔබ දුන්නේ ලක්ෂ 15ක වැවක් හදන්නද. ලක්ෂ 15 දුන්නෙ නැත්නම් වැව හැදෙන්නේ නෑ.
අපි සන්තෝෂයි. අපට හෙණ ගහන්නෙ නෑ ඒක මතක් කරන්න ඕනේ. මොකද අපි අනුන්ගේ සල්ලි වලින් යැපෙන්නේ නෑ. අපට පක්ෂය සලකන්නෙ නැත්නම් අපි කොහොමද මිනිසුන්ට සලකන්නෙ, අපට තියන තියෙන්න ප්‍රශ්නේ එක..''
''නාඩු හාල් 140කට කන්න ආණ්ඩුවක් මොකටද '' - රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු
එම ජන හමුවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කළේය.
සහල් මිල ඉහළයාම තමන්ගේ පවුලටවත් දරාගත නොහැකිබව පැවසු ඇමතිවරයා, ''ඇත්තටම කණගාටු වෙනවා නාඩු හාල් 140කට කන්න ආණ්ඩුවක් ඕනේ නැහැ.'' යයි කියා සිටියේය.
හාල් මාෆියාවක් හා සහල් මෝල් කාරයො ටිකක් සහල් මිල පාලනය කරන බවටද ඔහු චෝදනා කළේය.
THE LEADER TV
හිටං ඔහේ නිකං හිටියා! | මොණරවිලගේ ලියමන
පෝර හොරා ! | මොණරවිලගේ ලියමන