මහා පරිමාණයෙන් සිදුවන වැලි කොල්ලයක් නතර කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් ත්‍රිකුණාමලයේදී විරෝධතාවයක් දියත් කර තිබේ.



පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ත්‍රිකුණාමල වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ගම්වාසීන් පිරිසක් නොවැම්බර් 22 වැනි සඳුදා විරෝධතාවය දියත් කළ බවයි.

වැලි කැනීම සදහා නීත්‍යානුකූලව බලපත්‍ ලබා ගත් පිරිස් විසින් බලපත්‍රයේ දක්වා ඇති සීමාව ඉක්මවා වැලි කැනීම නිසා ප්‍රදේශයේ පරිසරයට මහත් විනාශයක් සිදුව ඇති බවට චෝදනා කරන ගම්වැසියන් පවසන්නේ ඒ හේතුවෙන් තමන්ගේ කෘෂිකාර්මික භුමීන්ද විනාශ වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලනඥයන් දැනුවත් කළද මේ තාක් එයට විසදුමක් ලබා දීමට ඔවුන්ද අසමත් වී ඇති බවට ගම්වැසියන් වැඩි දුරටත් චෝදනා කරයි.

මහා පරිමාණයෙන්  සිදුවන වැලි මාෆියාව නතර කර ස්වාභාවික සම්පත් සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් ප්‍රදේශිය ලේකම් කාර්යාලයට සන්දේශයක් ද භාර දුන් බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

නැගෙනහිර පළාත තුළ මහා පරිමානයෙන් වැලි සහ පස් ජාවාරම්  ක්‍රියාත්මක වන බවට පසුගිය කාලය පුරාම පළාත් බද මාධ්‍යවේදීන් වාර්තා කර තිබුනි.

trincomalee protest 03trincomalee protest 01


පී.බී.ගේ චක්‍රලේඛය:


මහා පරිමාණ වැලි බලපත් ලබාදීම සඳහා ඉඩ සැලසෙන පරිදි ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් රටේ මහා පරිසර විනාසයක පෙර නිමිත්තක් බවට ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් පසුගියදා අනතුරු අඟවා තිබුනි.

'සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය' පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 11වැනි දින කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම්  ප්‍රවාහනය හා වෙළෙඳාම සම්බන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර  විසින් CIF /02/2021 චක්‍රලේඛය නිකුත් කිරීම රටේ ගංගා පරිසර පද්ධතිය බරපතල විනාශයකට ගෙන යාම සදහා සිදුකල ක්‍රියාවක් බවයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්  'සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ' පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් පෙන්වා දී තිබුනේ 2020 ඔක්තොම්බර් 06 දින 2196/28 අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත්කළ කමිටුවට අනුව වැලි ගොඩදැමීම හා ප්‍රවහානය සම්බන්ධව ඇති බාධා නිසා වැලි ගොඩ දමන ජනතාව, සමාගම් සියල්ල අපහසුතාවයට පත්ව ඇති අතර එම අපහසුතාවයන්ගෙන් ජනතාව මුදවා ගැනීමට නැවත වැලි හා ඛණිජ බලපත්‍ර ලබාදිම වෙනුවෙන් යැයි කියා නැවත වැලි ජාවාරමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට මෙමගින් උත්සාහ කරමින් සිටින බවයි.

 

එමෙන්ම මේ වන විට මහවැලි ගංගාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති අතර සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවටත් ඔහු චෝදනා කරයි.

 

"මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇත. මේ  වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ. "

 මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැණීමට රජය ඉඩදිම තුළ අනාගතයේදී  බරපතල පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබද අර්බුදයක් ඇති විය හැකි බවටත් පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්  අනතුරු අගවයි.

 ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ නව චක්‍රලේඛය හරහා වැලි කැණීම සඳහා බලපත්‍ර ලබා දීම ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කිරීමට යෝජනා කර තිබෙන අතර එම ක්‍රියාවලියෙන් භූ විද්‍යා හා පතල් කැණීම්  කාර්යාංශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බැවින් එමඟින් සිදුවන්නේ දැඩි පාරිසරික හානියකට අතවැනීමක් බවයි.

 


 
 
THE  LEADER  TV
 

පිස්සෝ තුන් දෙනෙක්.! | මොණරවිලගේ ලියමන
 


කඩුව වඳුරට දෙන්නෙ බලාගෙන! |

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්