වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ, මිල්ලෑව ප්‍රදේශයට ගෙනයාම ගැන නිවැරදි තොරතුරු ලබා නොදීමෙන් බලවත් ජනතා විරෝධයක් මතුවනු ඇති

 බවට අගමැතිවරයා යටතේ ඇති ආයතනයක් අනතුරු අඟවා  තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්, තිරසාර සංවර්ධනය සඳහා උපදේශක මණ්ඩලය (Consortium of Consultants for Sustainable Development) විසින් ඉදිරිපත් කර ඇති පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් (EIA) මඟින් පෙන්වා දෙන්නේ, ප්‍රදේශවාසීන් අතරින් බහුතරයක් පමණක් නොව, ප්‍රාදේශීය මට්ටමේ රජයේ ආයතනවල නිලධාරීන් තුළ පවා මෙම යෝජිත ව්‍යාපෘතිය, එහි අංගෝපාංග සහ ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් අවම අවබෝධයක් හෝ නොතිබූ බවයි.

"මෑත කාලයේ දී අපට ආරංචි උනේ මෙම භූමිය සරළ කර්මාන්ත ස්ථාපිත කිරීමට පාවිච්චි  කිරීමට යනවා කියලයි. නමුත් එම යෝජනාවට සිදු උනේ කුමක්දැයි අපි දන්නෙ නෑ," යනුවෙන් ප්‍රජා නායකයන් ප්‍රකාශ කරන බව ඉහත වාර්තාවේ සඳහන්ව ඇතැයි සති අන්ත ඉංශ්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබේ.

"ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා සහ ආදායම් මාර්ග උත්පාදනය කරන කර්මාන්ත ඉදිකිරීම සඳහා මෙම භූමිය භාවිතා කිරීම වෙනුවන්, පෙර ඉදිරිපත් කළ එකී යෝජනාව ගැන බොහෝ ප්‍රදේශවාසීන් සහ ප්‍රජා නායකයන් සතුටට පත්වී සිටි" බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩි දුරටත් වාර්තා කර තිබේ.

 

තම ගම් බිම් පිහිටා ඇති මිල්ලෑව ප්‍රදේශය වෙත වැලිකඩ බන්ධනාගාරය ගෙන ඒම හේතුකොටගෙන “යම් යම් නීති විරෝධී ක්‍රියා” වලට මග පෑදෙනු ඇතැයි බිය පළ කළ ආගමික සහ අනෙකුත් ප්‍රජා නායකයන් ඇතුළු ප්‍රදේශවාසීන් හමුවී කරුණු සොයා බැලීමට, මෙම වාර්තාව සකස් කළ අධ්‍යයන කණ්ඩායම ක්‍රියා කර ඇත.

 

ප්‍රදේශවාසීන්ගේ භීතියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලින් නිරන්තරව වාර්තා වන මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම් වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු බව වාර්තාවේ සඳහන් වැඩි දුරටත් සදහන්ව  තිබේ.

මෙම පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව නිර්දේශ කර ඇත්තේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නවුන් විසින් මෙම යෝජිත ව්‍යාපෘතිය, එහි අංගෝපාංග සහ ප්‍රගතිය පිළිබඳව මෙම ප්‍රදේශයේ ජීවත් වන ප්‍රජාවන් දැනුවත් කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බවයි.

එමඟින් "ප්‍රදේශයේ සහෝපකාරී සහ මිත්‍රශීලී වාතාවරණයක්" ස්ථාපිත කිරීම සඳහා මෙම ව්‍යාපෘතියේ වඩාත් සංවේදී කොටස් ක්‍රියාවට නැංවීම සඳහා විවිධ කොටස් වල සහභාගීත්වය සහිත ප්‍රවේශයක් යෝජනා කර සිටී.

 

1941 තරම් ඈතකදී ඉදිකරන ලද්දක් වන වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය, මේ වන විට රැඳවියන්ගෙන් පිරීගොස් ඇතිවාක් මෙන්ම මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයක පවතින බවත් නිරීක්ෂණය කරමින් ඉදිරිපත් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරුව යටතේ, මෙම බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තමන් අදිටන් කරගෙන සිටින බව ආණ්ඩුව කියා සිටී.

 

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍ර‍ය ස්ථාන මාරු කිරීම සඳහා හේතු දෙකක් පාරිසරික බලපෑම් තක්සේරුව පෙන්වා දී තිබේ.

මෙම භූමිය බන්ධනාගාරයක් ලෙස යොදාගෙන තිබීම මගින් ඌන උපයෝජනයක් පවතින නිසා එම පරිශ්‍රය වඩාත් ඵලදායී නාගරික භාවිතයක් බවට පත් කිරීම කළ යුතුව ඇති බවත්, ඒ අතර නවීන ප්‍රමිතීන් මත නව බන්ධනාගාර සංකීර්ණයක් සංවර්ධනය කිරීම කළ යුතු බව ද එමඟින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් නව ‘වැලිකඩ බන්ධනාගාරය’ ඉදිකිරීමේ පරිශ්‍රය වෙනුවෙන් ඉඩ සැලසීම සඳහා මිල්ලෑව ප්‍රදේශයේ රබර් අක්කර 250 ක් පමණ උදුරා දමනු ඇති බවට තක්සේරු කර ඇත.

නව බන්ධනාගාර පරිශ්‍රය තුළ මැගසින්, කාන්තා, වැලිකඩ සහ රිමාන්ඩ් බන්ධනාගාරය ස්ථාපිත කිරීමට නියමිතය.

එයට අමතව, බන්ධනාගාර රෝහල, කාර්ය මණ්ඩල නිල නිවාස, පුහුණු මධ්‍යස්ථානය, බුද්ධි අංශය සහ ප්‍රජා මූලික ප්‍රතිශෝධන මධ්‍යස්ථානය යනාදිය ද මෙම නව පරිශ්‍රය වෙත ගෙනයාමට නියමිතය.

 
 
 
THE  LEADER  TV
 

පිස්සෝ තුන් දෙනෙක්.! | මොණරවිලගේ ලියමන
 
 


කඩුව වඳුරට දෙන්නෙ බලාගෙන! |

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්