දෙසැම්බර් 1 දා සිට ඕස්ට්‍රේලියාව තව තවත් විදේශිකයන් පිළිගැනීමට සැරසෙයි

 

විදේශිකයන්ට රටට ඇතුළුවීමට එරෙහිව පනවා ඇති තහනම සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම ආරම්භ කරනබව ඕස්ට්‍රේලියාව පවසයි. මෙහිදී ඇතැම් කණ්ඩායම්වලට ප්‍රමුඛත්වය ලබාදෙනු ඇත.


නිපුණ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් මෙන්ම, ජපාන සහ දකුණු කොරියානු පුරවැසියන් ද දෙසැම්බර් පළමුදා සිට එරටට ඇතුළුවීමට අවසර ලබන පිරිස අතර ඉදිරියෙන් සිටියි.

එරටට ඇතුළුවීමට අදහස් කරන සියලුදෙනා සම්පූර්ණයෙන්ම එන්නත්කරණය වී සිටිය යුතු ය.

ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ මාර්තු මාසයේ සිට එරට වැසියන්ට ද බලපැවැත්වෙන ඉතා දැඩි දේශසීමා පාලනයන් ක්‍රියාත්මක කළේ ය.

එරට අගමැති ස්කොට් මොරිසන්, සඳුදා නිකුත්කෙරුණු මෙම නිවේදනය "ඉදිරියට තබන වැදගත් පියවරක්" ලෙස හැඳින්වීය.

ලිහිල් කෙරුණු නීතිරීති යටතේ, සුදුසුකම් ඇති වීසා බලපත්‍රලාභීන්ට විශේෂ අවසරයකින් තොරව ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණීමට ඉඩහරිනු ලැබේ.

මේ නිසා දෙසැම්බර් සහ ජනවාරි අතර කාලයේ සංචාරකයන් 200 000ක් පමණ පැමිණේයැ යි ඇස්තමේන්තු ගත කර ඇතිබව එරට රජය ප්‍රකාශ කළේ ය.

 

"සුදුසුකම් සහිත වීසා බලපත්‍රලාභීන්ට අයත් වන්නේ පුහුණු ශ්‍රමිකයන්, ශිෂ්‍ය සමූහයා මෙන්ම සරණාගතයින්, මානව සුබසාදන කටයුතු වල නියැලෙන්නන්, කෙටිකාලීන සහ තාවකාලික වීසා බලපත්‍රලාභීන්," ස්වදේශ කටයුතු ඇමැතිනී කැරන් ඇන්ඩෲස් පවසයි. ඔවුන් පැමිණීමට දින තුනකට පෙර කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දී "නෙගටිව්" ප්‍රතිඵල පෙන්විය යුතුබව ද ඇය සඳහන් කළා ය.

 

සම්පූර්ණයෙන්ම එන්නත්කරණය වූ වලංගු වීසාලාභී දකුණු කොරියානුවන් සහ ජපන් ජාතිකයින්ට ද නිරෝධායන කාල සීමාවකට යටත් නොවී රට තුළට ඇතුළුවීමට අවසර ලබනු ඇත.

ඕස්ට්‍රේලියාව එන්නත්කරණයේ ඉලක්කයන් සපිරූ දා පටන්ම අදියර වශයෙන් රට නැවත විවෘත කිරීම ආරම්භ කළේ ය. මේ වන විට, වයස අවුරුදු 16ට වැඩි ඕස්ට්‍රේලියානුවන් ගෙන් 85%කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත්කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය විදේශීය ශ්‍රමිකයින් සහ ජාත්‍යන්තර සිසුන් මත රඳා පවතින බව, වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ගමනාගමනය අඩාල වූ පසු ඉස්මතු වී පෙනුණි.

 

2019 වසරේ දී එරට ජාත්‍යන්තර අධ්‍යාපන අංශය ඕස්ටේලියානු ඩොලර් බිලියන 40ක් (ඇ.ඩො. බිලියන 29ක්) උපයා තිබුණු අතර, මෙය යපස්, ගල් අඟුරු, සහ ගෑස්වලින් පසු එරට සිව්වැනි විශාලතම අපනයනය යි.

 

මෑතක් වන තුරුම ඕස්ට්‍රේලියාව සිය රටවැසියන්ට ද එරටින් පිටව යෑම තහනම්කර තිබුණි. මෙසේ සිදුකෙරුණේ "Fortress Australia"යි ('ඕස්ට්‍රේලියා බලකොටුව') ඇතැම්විට හැඳින්වුණු උපායමාර්ගය යටතේ ය.

මෙම ප්‍රතිපත්තිය කොවිඩ් මැඩලීමෙහිලා ප්‍රශංසාවට පාත්‍ර වුව ද, බොහෝ පවුල් මතභේදාත්මක අයුරින් බෙදා වෙන්කර තබන්නට ද එය සමත්විය.


මෙම පියවර මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ලිහිල් කෙරුණේ එන්නත් ලද පුරවැසියන්ටත්, ඔවුන්ගේ ඥාතීන්ටත් දිගු කලක් බලා සිටි නිදහස ලබා දෙමිණි.

(BBC සිංහල සේවය)
 
 



THE  LEADER  TV


ඇගෙන් වැඩ මොළේ වැඩ නෑ! | මොණරවිලගේ ලියමන
 

ඇමති නොනලටත් මහින්ද බයිට්!

.
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්