1200 x 80 DMirror
 
 

මානව හිමිකම් පිලිබඳ ගැටළු නිසා ශ්‍රී ලංකාවේ පොලිසියට දෙන පුහුණුව තව දුරටත් පවත්වාගෙන නොයාමට ස්කොට්ලන්ත පොලිසිය තීන්දු කර ඇත.



ඒ බව  ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියා ඊයේ ස්කොට්ලන්ත පොලිස් අධිකාරියේ ඉහළ බලධාරීන්ගේ මාර්ගගත සමුළුවට දැනුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව අපි කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට උපදෙස් දී ඇත්තෙමු,” යි ස්කොට්ලන්තයේ පොලිස් ප්‍රධානී ඉයේන් ලිවින්ග්ස්ටන් ප්‍රකාශ කළේය.

2007 පමණ සිට ශ්‍රී ලංකාවට දෙන පොලිස් පුහුණුව නැවත අලුත් කිරීම සඳහා නියමිතව ඇත්තේ 2022 මාර්තුවේය. ඒ සඳහා පුනරීක්ෂණය භාරව ඇත්තේ බ්‍රිතාන්‍යයි.

එම කාල සීමාව තුල ස්කොට්ලන්ත පොලිසියේ කිසිවකුටත් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් පොලිස් ප්‍රධානී ලිවින්ග්ස්ටන් වැඩිදුරටත් කියා සිටියේය.

ලිංගික හිංසන ඇතුළු වධබන්ධන පැමිණවීම පිලිබඳව චෝදනා ලබන ශ්‍රී ලංකාවේ පොලිසියට දෙනු ලබන පුහුණුව නවත්වන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම බලපෑම් කර තිබුණි.

IMG 20211125 WA0002




THE  LEADER  TV
 

විමල්ට ගම්මන්පිලට එරෙහි කුමන්ත්‍රණයක්! | The Leader TV | gossip
 


පිස්සුකුට්ටියාගේ ගංකබර කතා! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58