අගනගරයට ලබා දුන් අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නවීන පන්නයේ පාලමක් ජනපති අගමැති දෙසෝයුරන් විසින් වර්ණාලෝක ගන්වද්දී, පාලම්

නැතිකමින් පාරුවේ ගොස් ජීවිත අහිමිවූ ත්‍රිකුණාමලයේ පාසල් දරුවන් වෙනුවෙන් මුලතිව්හි සිසු දරු දැරියන් ඉටි පහන් දල්වා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නොවැම්බර් 23 වැනි අඟහරුවාදා පෙරවරුවේ ත්‍රිකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් ජීවිත අහිමි වු පාසල් සිසුන් සිව් දෙනා ඇතුළු හය දෙනා සිහි කරමින් මුලතිව් කුලාමුරිප්පු දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් ඊයේ (24) පෙරවරුවේ උපහාර දැක්වු බවයි.

මිය ගිය පිරිස සිහි කරමින් ඉටි පන්දම් දල්වා නිහඬ පුෂ්පෝපහාරයක් පවත්වන්නටත් එම පාසලේ සිසුන් ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

පොලීසිය ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ පෙරළී ගිය පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි.

IMG 20211124 WA0047FB IMG 1637745727018


“කල්‍යාණි රන් පිවිසුම”


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කරන ලදී.

නව කැලණි පාළම “කල්‍යාණි රන් පිවිසුම”  (Golden Gate Kalyani) නමින් නම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කරයි.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන ස්ථානයේ සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන නව කැලණි පාළම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වෙයි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වී ඇත.

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක් වන අතර පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කර ඇත.

ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA ) මූල්‍ය දායකත්වය මත මෙම පාලම ඉදිකර තිබේ.

 




THE  LEADER  TV
 

විමල්ට ගම්මන්පිලට එරෙහි කුමන්ත්‍රණයක්! | The Leader TV | gossip
 


පිස්සුකුට්ටියාගේ ගංකබර කතා! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්