1200 x 80 DMirror
 
 

මිට තෙමසකට පෙර දැයෙන් සමුගත් මෙරට පරිණත දේශපාලනඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ

භෂ්මාවශේෂ අද (26) දහවල් 2.00 සිට පස්වරු 4.00 දක්වා මහජන ගෞරවය සඳහා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළඳ පොළ ගොඩනැගිලි පරිශ්‍රයේ තැන්පත් කරනු ඇත.

 අනතුරුව පස්වරු 4.00 ට එම භෂ්මාවශේෂ මාතර අනගාරික ධර්මපාල මාවත හා හක්මණ පාර ඔස්සේ මාතර පොදු සුසාන භූමිය දක්වා රැගෙන ගොස් තැන්පත් කරනු ඇත.

කෝවිඩ් වාතාවරණය නිසා ඔහුට අවසන් බුහුමන් දැක්වීමට නොහැකි වූ මාතර ජනතාවට ඊට අවස්ථාවක් ලබාදීමට 'සමරවීර පදනම' විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

mangala 2021.11.25

ඇත්තටම මංගල දකින්න ...

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් අද දින සිදු කෙරෙන ගුණසමරු උත්සවය නිමිත්තෙන් මේවනවිට ඉතාලියේ පදිංචි සුමුදු මද්දුමආරච්චි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් පවසන්නේ, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වූ මංගල නාමයෙන් අපි ඔහු පෙන්වූ මාවතේ ගමන් කරමු කියාය.

ඔහුගේ සටහනේ මෙසේද සඳහන් වේ.

මංගල දකින්න, මංගල සංකල්පයෙන්ම හැඩවුන මාතර ඕලන්ද කොටුවට එන ඔබට ඇත්තටම මංගල දකින්න ඕන නම්..?

අපේ ජීවිත කාලෙ මොන තරම් මිනිස්සු ජීවිතයෙන් සමු අරන් ඇත්ද? එහෙම භෞතිකව අපෙන් සමුගත්තත් අපි ඒ ඒ අයව අනුස්මරණය කරනව, විටක වෛර කරනව, විටක දුක් වෙනව.... ඒක ස්වභාවධර්මය...

ඉන්න කොට කියපුව අගයක් නෑ වටිනාකමක් නෑ, ආදරේ කරන්න බැරි උනා, සළකගන්න බැරි උනා ඔයවගේ නොයෙකුත් ආකරයේ කම්පාවන් අපි හැමෝටම පොදුයි..

 

ඒත් "මංගල" කියන චරිතය, බ්‍රෑන්ඩ් එක ජීවත්ව හිටියට වඩා අති ප්‍රභල ලෙස සමාජය වැලඳගනිමින් ඉන්නව. ඒක ආයාසයකින් තොරව ඇතිවෙච්ච ලොකු සමාජ විපර්‍යාසයක් වගේ.....

 


පෞද්ගලිකව මම දන්න බොහෝ පිරිස් මංගලගෙ රැඩිකල් ලිබරල් අදහස් වලට බොහෝ සෙයින් විරුද්ධ උනා..... විවේචනය කලා ඒ බොහෝ දුරට අනවබෝධය, ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රවාදී මෙන්ම තවරාගත් පුහු දේශප්‍රේමය නිසා.. ඒත් මංගලගෙ භෞතික සමුගැන්ම එක්ක ඒ චෝදනා මුඛයෙන්ම විවේචනය කරපු පිරිස් ඒ සමනළයට හදවතින්ම ආදරය කරන්න පටන් අරන්... අන්න ඒ පිරිස් කළින් කියපු කම්පාවට තදින්ම පත් වෙලා......

 

ඇත්තටම මංගල දකින්න අවශ්‍ය නම් අපි කුමක් කරමුද?

මංගල සමරවීරයන් පෙනී හිටියෙ මනුෂ්‍යත්වය වෙනුවෙන්.. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට සියලු ආගම් සියලු ජාතීගෙ ආගමික, සංස්කෘතික විවිධත්වයට අවංකවම ගරු කරපු ඒ ඒ පිරිස් වල අයිතීන් වෙනුවෙන් පෙනී හිටපු මරනවා කීවත් තමා විශ්වාස කළ මතය වෙනස් නොකරපු සැබෑ නායකයෙක්.

තනතුරු වලින් තමා නොබැබලවන බවත් තමා සතු හැකියාවෙන් අවංකත්වයෙන් ඍජු බවින් තනතුරු තානාතර බැබලවිය හැකිබව පසක් කරගත් සැබෑ බෞද්ධයෙක්..

ඉතිං අද" මතක මංගල" දකින්න මාතර දිස්ත්‍රික්කයම මාතර නගරයට එකතුවේවි...

 අපි දන්න බොහෝ අය මංගලගෙන් බිලීපිත්ත අරගෙන මංගලට පිටුපෑවෙ හුදෙක් තවරාගත් දේශප්‍රේමීන්ගෙ උගුල් වලට හසු වෙලා..

එහෙම අය මංගලගෙ දැක්ම විශ්වාස නොකර මංගලට විරුද්ධව උනා ඒකෙ ප්‍රථිපල අද රටක්ම භුක්තිවිදිමින් ඉන්නෙ....

අපි එහෙනම් මංගලගෙ නාමයෙන් හෙට මංගල දකින මොහොතෙදි අධිෂ්ඨාන කරගමු...


© කිසිදාක ජාතීවාදී නොවමු.

© ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සැවොම අපේ රටේ මිනිසුන් ශ්‍රී ලාංකික ලෙස පිළිගන්නෙමු.

© කෙතරම් අවාසි උනත් සත්‍ය වෙනුවෙන්ම පෙනී සිටිමු.

© තනතුරු වරදාන වරප්‍රසාද හමුවේ කිසිදා හෘදය සාක්ෂියට විරුද්ධව නොවෙමු.

© ආගම, ජාතිය, කුළය, ගෝත්‍රය, රැකියාව මත කිසිවෙක්ට අසමානව නොසළකමු.

© ගහකොළට, සතා සිවුපාවුන්ට, සොභාදහමට ආදරය කරමු.

© පුරවැසියන් ලෙස සෑමවිටම අවංකව සත්‍යගරුකව යුතුකම් වගකීම් ඉටුකරමු.

© දූෂණයට,වංචාවට, අසාධාරණයට නොබියයවම විරුද්ධ වෙමු.

© දේශපාලනයේදී සබෑ දේශප්‍රේමීන් ලෙස සබුද්ධිකව අනාගත ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන්ම පෙනී සිටිමු....

© තවරාගත් දේශප්‍රේමයට තිත තබමින් සැබෑ  ප්‍රතිපත්තිමය රැඩිකල් මැදමාවතේ වෙනසක් දකිමු..



ඔබට මාතරින් පටන්ගෙන මංගලගේ යතාර්ථවාදී සිහින යථාර්ථයක් කොට ලොවක් ආදරය කළ, එහෙත් අප විසින් අහිමිකරගත් සැබෑ දේශප්‍රේමියා බලාපොරොත්තු වූ සැබෑ ශ්‍රී ලංකාවේ සාඩම්බරයකු වන්න නම් "මතක මංගල" නාමයෙන් වෙනස් වෙමු..

භෞතිකව අහිමිකරගත් මංගල කිසිදා නොමියන,කිසිදා ඔහුගේ දැක්ම නොසැලකාහැරිය හැකි, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වූ මංගල නාමයෙන් අපි ඔහු පෙන්වූ මාවතේ ගමන් කරමු...''


8798789(සුමුදු මද්දුමආරච්චි)
මිලානෝ
ඉතාලිය
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.








ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති ! | The Leader TV


මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! | The Leader TV

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58