දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අදට යෙදෙන 67 වැනි උපන් දිනය උතුරේත් දකුණේත් සමරා තිබේ.



දෙමළ ජාතික සන්ධානයේ සුබ පැතුම් එක් කර ඇත්තේ පාර්ලිමේන්තුවේදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක අයවැය කාරක සභා විවාදයට සහභාගි වෙමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් විසින් විමුක්ති කොටි නායක ප්‍රභාකරන් සිහිකරමින් සුබ පැතීය.

මේ අතර යාපන සරසවි පරිශ්‍රය තුල ද සිසුන් විසින් දෙමළ විමුක්ති කොටි නායකයාගේ උපන් දිනය හා මහවිරු සතිය වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වා තිබේ.

පොලිස් හා හමුදා භටයන්ගේ බිය ගැන්වීම් මධ්‍යයේ යාපන සරසවි සිසුන් විසින් මෙම සැමරුම පවත්වා ඇතැයි යාපනයේ වාර්තාකරුවෝ පවසති.

මිට අමතරව කින්නියා පාලම් පාරුව පෙරලීමෙන් මිය ගිය අය සිහිකිරීමට ද යාපන සරසවි සිසුන් ක්‍රියා කර තිබිණි.

පොලිසිය මගින් උසාවි නියෝග ලබා ගනිමින්, විරු සොහොන් අසල හමුදා රැකවල් ළා මහවිරු සතියට බාධා පැමිණවීමට එරෙහිව යාපනය ගුරුනගර් විදියේ දී විරෝධතාවක් පැවැත්විණි.

ටයර් පුළුස්සා දමා විරෝධය දැක්වූවන් තිදෙනකු යාපනය පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.



rtertretreටයර් පුළුස්සා දමා විරෝධයේ...

 

 

 


 

THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්