1200 x 80 DMirror

 
 

රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදෙමින් නිකුත් කරන ගැසට් නිවේදනය

බොහෝ විට අද රාත්‍රියේ නිකුත් කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 'නෙත් නිව්ස් වෙත' පවසා තිබේ.

රසායනික පොහොර තහනම ඉවත් කරන බව ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළද ඊට අදාල ගැසට් පත්‍රය මෙතෙක් පළ නොවීම හේතුවෙන් පොහොර ගෙන්වීමට නොහැකි වී ඇතැයි විද්‍යත් මාධ්‍ය විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේය.

අයවැය කාරක සභා විවාදය යටතේ අද (26) දිනයේ පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද විවාදයයි.

ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර කුමාර දිසානායක එහිදී පැවසුයේ, විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා සිටි සාකච්ඡාවකදී බවත්, මෙම විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 38ක් තිබෙන බවත් ය. 

ලෙඩ් කිලෝවකට මිලි ග්‍රෑම් 49ක් තිබී සොයාගත් බවද ඔහු පැවසුවේය.
 

මෙම ජාවාරමට සම්බන්ධවුණු ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවූ බව පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බවද සඳහන් කළේය. මෙම පොහොර ප්‍රමිතියෙන් තොර බවද ඔහු පැවසුවේය.
 


කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි නිරවුල් විශ්වාසය මේ වැඩපිළිවෙළ නිසා විනාශවූ බවත්, රටේ කෘෂිකර්මාන්තය මෙම අර්බුදය නිසා අගාධයකට ඇද වැටුණු බවත් ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කළේය.

රටේ ආර්ථික විනාශය පිටුපස සිටින්නේ පී.බී ජයසුන්දර බව පැවසූ මන්ත්‍රීවරයා, අද රටේ සිටින්නේ පී.බී ජයසුන්දර පිටුපස නැටවෙන ජනාධිපතිවරයකු බවද සඳහන් කළේය. ඒ වගේම රටේ ඉන්නේ පී.බී ජයසුන්දරගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අගමැතිවරයකු බවද ඔහු පැවසීය

පී.බීගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක යැයිද පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයිද අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු රටේ අනෙක් ප්‍රශ්න ගැන නොබලන බවද මේ ගනුදෙනු පිටිපස පී.බී ජයසුන්දර සිටින බවත් ඔහු මෙම පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.



වීඩියෝ

 

 


 

THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්