ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක වී ඇත්තේ ඔහුට ආණ්ඩු පක්ෂය තුළ හරි හමන් දේශපාලන බලයක්

ලබා නොදීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් නිසායයි පොහොට්ටුවේ ප්‍රබලයකුට චෝදනා එල්ලවෙමින් තිබේ.

එසේ චෝදනා එල්ලවී ඇත්තේ, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සුදානමකින් පසුවන පොහොට්ටුවේ ප්‍රබලයකු වෙතයි.

ජනාධිපතිවරයාට අත්කර ඇති ඉරණම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් ම මේවනවිටත් කනස්සල්ල පළකරමින් සිටිති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස සඳහන් කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දේශපාලන බලයක් නොලැබෙන ආකාරයේ ආකෘතියක් තුල ඔහුව සිර කර ඇති බවයි. මෙය ඉතාම සැලසුම් සහගතව සිදුකරන ලද දෙයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.

serwerer

ජනාධිපතිවරයා මෙම සන්ධානය තුළ නායකයා බවට පත් විය යුතු නමුත් දේශපාලන වශයෙන් එතුමා දේශපාලන බලවේගවලට නායකත්වය සපයන්නේ නැති බව ද නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපති එතනින් ඈත් කර වෙනම තැනක සිර කර ඇත්තේ සැලසුම්කරුවන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික මාවතක ගමන් කරවීමට බවද ඔහු පෙන්වා දෙයි.

අගමැතිවරයා පොහොට්ටු සමුළුවේ දී ඉතාම වේදනාවෙන් කතා කළේ මෙම තත්ත්වය දැකීමෙන් බවද ඔහු කියා සිටියි.

පවතින තත්ත්වය තවමත් නිවැරදි වී නැතැයි පවසන ඔහු මෙහෙම ගියොත් මෙය කෙළවන්නේ පරාජයකින් බවත් අවධාරණය කරයි.

 

 


 

THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්