theleaderlk 01

රට බරපතල අර්බුදයකට මුහුණදී ඇති මේ අවස්ථාවේ තරුණ කොටස් ඉදිරියට පැමිණ රට ගොඩනැගීම සඳහා නායකත්වය ගැනීම

දිවංගත මංගල සමරවීර වෙනුවෙන් කළ හැකි ලොකුම උපහාරය බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු අගමැතිවරයා එබව සඳහන් කර සිටියේ, මිට තෙමසකට පෙර දැයෙන් සමුගත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට අවසන් බුහුමන් දැක්වීමේ අවස්ථාවට පෙරේදා (නොවැම්බර් 25 ) සහභාගී වී පිටව යන අවස්ථාවේදීය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ එදින පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, අංක 483  දරන ‘’රෙස්පෙක්ට්’’ ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබිණ.

Ranil Mangala 3

Ranil Mangala 2

Ranil Mangala 1

එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙම අවස්ථාවට එක්වුයේ එම පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් ද සමගිනි. පසුගියදා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක්වූ දිනුක් කොළඹගේ, කොළඹ නාගරික මන්ත්‍රී දුමිඳු ආටිගල, යොවුන් පෙරමුණේ සාමාජිකයින් වන පසිඳු ගුණරත්න, සජාන් සුරියආරච්චි ඇතුළු තරුණ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් ද ඔවුන් අතරවිය.

මාධ්‍යවේදීන්වේදීන් හමුවේ තවදුරටත් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා, දේශපාලනය ගැන කලකිරීමට පත් තරුණ තරුණියන්ට අනාගතය ගැන විශ්වාසයක් ඇති කිරීමට මංගල සමරවීර පසුගිය කාලයේ විශේෂ වැඩසටහනක් ආරම්භකළ බවත්, එවැනි කටයුතු සඳහා තමන්ද කිහිපවරක් සහභාගී වූ බවත් ප්‍රකාශ කළේය.

තරුණ තරුණියන් පවතින දේශපාලනය දැඩි ලෙස පිළිකුල් කරන බවත්, ඔවුන් සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එවැනි තත්ත්වයක් තුළ තරුණ තරුණියන් වෙනුවෙන් මංගල සමරවීර ඇති කළ 'ෆ්‍රීඩම් හබ් (Freedom Hub)  වැනි වැඩසටහන් අතිශයින්ම කලොචිතබව ඔහු එහිදී සඳහන් කළේය.

තරුණ පිරිසට තමන්ගේ වගකීම බාරගෙන නායකත්වය ගැනීම සඳහා මෙවැනි වැඩසටහන් සමග එක් විය යුතු බව පැවසු හිටපු අගමැතිවරයා, තරුණ පිරිස් එක්වී රටේ ප්‍රශ්න වලට විසදුම් ලබා දිය යුතු බවද කියා සිටියේය.

මේ වන විට ක්‍රියාකාරී තරුණ තරුණියන් විශාල පිරිසක් තමන් සමග එකතු වීම සදහා සාකච්ජා කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

 


 

THE  LEADER  TV

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන
 

 
 
සර්, ප‍්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
පී.බී ගේ පදයට නටන, ජනාධිපති රූකඩයක් ! | Gossip