ලංකාවේ පළමු පාර්ලිමේන්තු කාලයේ එවකට දණ්ඩගමුවේ මන්ත්‍රී අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල පාර්ලිමේන්තුව අමතමින් ඉංග්‍රිසි බසින් කතා කරන අතරේ

යම් සිංහල ප්‍රතිවාදි මන්ත්‍රීවරයෙකුට වචනයකින් දමා ගැසීය. එකී වචනය කිහිප දෙනෙකුට ඇසී තිබුණේ 'පුකයා' යනුවෙනි.

මේ ගැන සභාවෙන් දැඩි විරෝධයක් පළවිය.

 ඒ අවස්ථාවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ එකී අනුචිත වචනය ඉල්ලා අස්කර ගන්නා ලෙස දණ්ඩගමුවේ මන්ත්‍රීවරයාට නියම කළේය. එකී නියමයට අවනත නොවූ දණ්ඩගමුවේ මන්ත්‍රීවරයා සිය කතාවේදී භාවිතා කළ කුමන වචනය ඉල්ලා අස්කර ගත යුතුදැයි විමසමින් කතානායක නියෝගය හෑල්ලු කරන්නට විය.

එකී කතාව අතර, තමාට කිසිදු  අවිනීත වචනයක් නොඇසුණ බව කී කතානායක වරයා සභාවේ මන්ත්‍රීන්ට එසේ ඇසුණා නම් තමන් ඒ සඳහා පෙනී සිටින හෙයින් නියෝගයට අවනත වන ලෙස දැන්වීය.

එවකට 43 හැවිරිදි විප්ලවකාරි ඊරියගොල්ල මහතා තම ස්ථාවරය වෙනස් කළේ නැත.

ඉන්පසුව කතානායක වරයා දින දෙකකට දණ්ඩගමුවේ මන්ත්‍රීවරයා නම් කිරීමට පියවර ගත්තේය. ඊට අවනතව ඊරියගොල්ල මහතා සභාවෙන් පිටවී ගියේය.

ඒ සමගම වාගේ අමාත්‍ය ආර්.ජී.සේනානායක සිදුවුණේ කුමක්දැයි කතානායක වරයාට පැහැදිලි කළේය.  

දණ්ඩගමුවේ මන්ත්‍රීවරයා පාවිච්චි කළේ උම්මග්ග ජාතක කතාවේ හමුවන පුක්කුසයා යන වචනය බව තේරුම් ගත් කතානායක මොලමුරේ වහාම ඊරියගොල්ල මන්ත්‍රීවරයා කැඳවා සිය කණගාටුව ප්‍රකාශ කළේය. ඉන් නො නැවතතුණ හෙතෙම සිය නියෝගය ආපසු හැරවීමට පියවර ගත්තේය.

කතානයක සමග පැවති කතාබහ අතර, ඊරියගොල්ල කියා තිබුණේ තමන්ට අවශ්‍යව තිබුණේ තමා නොකී ප්‍රසිද්ධ තැනක යෙදීමට අනුචිත අර වචනය  සුචරිතවාදින් ලවා පාර්ලිමේන්තුවේ කියවීම බවය

 

මේ සිද්ධියෙන් අපට ඉගෙන ගත යුත්තේ කතානායක යනු පාර්ලිමේන්තුවේ ගෞරවනීය ප්‍රතිරූපය මිස, තමන්ට අවශ්‍ය ලෙස හැසිරෙන රූකඩයක් නොවන බවය.

 

මේ විශිෂ්ඨ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ එයින් වසරකට පසුව, 1951 ජනවාරි මස 25 වෙනි දින කතානායක ධුරයේ කටයුතු කරමින් සිටින අතර. පාර්ලිමේන්තුවේදීම හෘදයාබාධයක් වැළඳී අපෙන් සමු ගත්තේය.


Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 


 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න‍‍


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්