පසුගිය රජය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වූ අධිවේගී මාර්ගයේ නව කැලණි පාලම  ජනතා අයිතියට පත් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය

සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෑතක දී එල්ල කරන ලද චෝදනා හෙලා දකිමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත්කර ඇත.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා හෝ හිටපු අමාත්‍ය මණ්ඩලයේ කිසිඳු අමාත්‍යවරයෙකු වගකිව යුතු බවට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ හෝ සඳහන් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.


අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani)  නොවැම්බර් 24 දා පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබෙන බවත්, එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවත්, පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතු බවත් ය. 

 

 
ජනාධිපතිවරයා යෝජනා කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නොවන සහ ඒ සඳහා අධිකරණ තීන්දු නොමැති පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය නීති මගින් අහිමි කළ යුතු බවයි.

එජාපය පවසන්නේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මවලට පටහැනි බවයි.

 

''මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මවලට පටහැනිය. මෙය අධිකරණ හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ගැටුම් ඇති කරයි.  එබැවින් මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති ද උල්ලංඝනය කරයි. මෙම ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට ජනාධිපතිවරයා කළ දිවුරුමද කඩ කිරීමකි. ''


මෙම ප්‍රකාශයේ පසුබිම සමග ඇමරිකා එක්සත් ජනපදය විසින් පවත්වනු ලබන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ virtual සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීම අරුමයක් නොවනු ඇති බව එජාප නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.



සබැඳි පුවත් :

'මම හොඳ නැත්නම් විකල්පය විපක්ෂයද ?' - ජනාධිපති අසයි

'පාස්කු කොමිසම් වාර්තාව' පාර්ලිමේන්තුවට දෙන්න – හිටපු අගමැති

 

 

 


 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න‍‍


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්