දෙමළ නිදහස් මාධ්‍යවේදියෙකුට අමානුෂික ලෙස පහර දී වධ හිංසා කිරීමේ චෝදනා ලබන පනස් නම වැනි සේනාංකයේ

යුද භටයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ඇතුලත ඇප පිට නිදහස් කර යවා තිබේ.


මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හමුදා සාමාජිකයන් තිදෙනා ඇප පිට නිදහස්ව ගොස් ඇත්තේ යුද හමුදාව විසින් සිදු කළ අමානුෂික පහර දීම හා වධ හිංසා කිරීම තරයේ හෙළා දකිමින් මුලතිව් නගරයේත්, මඩකලපුව නගරයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය.

නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් නොවැම්බර් 27 වැනි සෙනසුරාදා දිනයේ මුල්ලිවයික්කාල් නාම පුවරුව වීඩියෝ ගත කරමින් සිටියදී යුද හමුදාව විසින් ඔහුට අමානුෂික ලෙස පහර දී වධ හිංසා කර තිබුනි.

එම අමානුෂික පහර දීම හා වධ හිංසා කිරීම තරයේ හෙළා දකිමින් මුලතිව් නගරයේදී විරෝධතා දියත් කළ උද්ඝෝෂකයන් රජයට බල කර තිබුනේ රටේ මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන ලෙසයි.

මුලතිව් මාධ්‍ය සමාජය නොවැම්බර් 28 වැනි ඉරිදා දියත් කළ එම විරෝධතාවය සදහා ආගමික නායකයන්ගේ, දේශපාලනඥයන්ගේ මෙන්ම සිවිල් සංවිධාන වලද සහාය හිමිවී තිබුනි.

මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට සිදු කළ පහරදීම දැඩි ලෙස හෙළා දකිමින් මඩකලපුව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපු මාධ්‍ය සමාජය සහ ප්‍රදේශීය මාධ්‍යවේදීන්ගේ එකතුවේ සංවිධානත්වයෙන් මඩකලපුව නගරයේත් අද (28) විරෝධතාවයක් දියත් කර තිබුනි.

එම විරෝධතාවය සදහාත් ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ ද සහාය හිමිවු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.



dfgdgdමුලතිව් මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් එල්ල කළ අමානුෂික ප්‍රහාරය හෙළා දකිමින් සහ පසුගියදා ත්‍රිකුණාමලයේ සහ කින්නියා ප්‍රදේශවල ප්‍රවෘත්ති වාර්තා කළ
මාධ්‍යවේදියෙකුට එල්ල වූ ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අද මඩකලපුවේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.



යුද හමුදාව විසින් විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ කටු කම්බි එතූ තල් පිත්තකින් බව මුලතිව් මාධ්‍ය සමාජය අවධාරණය කරයි.

උදරයට, දෑතට සහ දෙපයට බරපතල ලෙස තුවාල සිදුවූ ඔහු දැනට මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මුලතිව් මාධ්‍ය සමාජය අනාවරණය කර ඇත්තේ මෙම පහරදීම සිදු කර ඇත්තේ යුද හමුදාවේ 59 වැනි සේනාංකයේ සාමාජිකයන් බවයි.

"ඔහුගේ කැමරාව සහ ජංගම දුරකථනය උදුරාගත් 59 සේනාංකයේ හමුදා නිලධාරීන් යතුරු පැදියටද හානි කර තිබේ."


මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට යුද හමුදාව විසින් සිදු කළ පහර දීමට යුක්තිය ඉල්ලා සිටි උද්ඝෝෂකයන් රජයට දැඩි ලෙස බල කර සිටියේ රටේ මාධ්‍යවේදීන්ගේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.

 

අමානුෂික ප්‍රහාරය හෙළි දකිමින් මුලතිව් මාධ්‍ය සාමාජය විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කළ මාධ්‍ය නිවේදනය විරෝධතාවය සදහා එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම්ට සහ යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමිවරයා වෙත ලබා දීමත් සභාපති මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද පීඩිත කලාපයේ ජීවත් වන මාධ්‍යවේදීන් තම ජීවිත හා රැකියාවට එල්ලවී ඇති තර්ජනය හමුවේ මුහුණ දී සිටින්නේ දැවැන්ත මහත් අභියෝගවලට බව එම නිවේදනයේ සදහන්ය.

"වහල්භාවයේ වර්තමාන ප්‍රකාර පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොමෝයා ඔබෝකාට කොළඹට පැමිණ සිටියදී දෙමළ නිදහස් මාධ්‍යවේදියකුට මෙලෙස පහර දීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව දක්වන නිර්දය නොසැලකිල්ලයි."

දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකෙරෙන ප්‍රහාර නිර්බාධිතව සිදු කෙරෙද්දී, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වාම කර ඇති පැමිණිලිවලට කිසිදු අවධානයක් යොමු කොට නැති බවටත් මුලතිව් මාධ්‍ය සමාජය චෝදනා කරති.

"මේ දණ්ඩ මුක්ති සංස්කෘතිය විසින් කෙරෙන්නේ ප්‍රකාශනයේ නිදහස බරපතල අසීරුවේ හෙලීමයි."

මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන බිය වැද්දීමෙන් සහ හිරිහැර කිරීම මගින් මාධ්‍ය නිදහසත් තොරතුරු දැනගැනීමේ අයිතියත් යටපත් කිරීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් පවත්වාගෙන යන අතරේ ඉතාම සුළු හේතු දක්වමින් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් ඉලක්ක කිරීමේ දැඩි පිළිවෙත පොලිසිය හා හමුදාව විසින් දිගටම පවත්වාගෙන යනු ලබන බවත් මුලතිව් මාධ්‍ය සමාජය නොවැම්බර් 27 වැනි ඉරිදා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වැනි කුළුණට නොනවත්වා කෙරෙන බැට දීම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයටත් මාධ්‍යවේදීන්ටත් මළබෙර හැඬවීමක් බවට පත්වී තිබේ.


පැහැරගෙන ගොස් අතුරුදහන් කරවා හෝ මරා දමා හෝ ඇති මාධ්‍යවේදීන් 44 දෙනකු සම්බන්ධයෙන් වගකිවයුතු කිසිදු අපරාධකරුවකු යුක්තිය හමුවට පමුණුවා නැත. ඒ අතරින් සාතිශය බහුතරය දෙමළය.

 

තමන් රාජකාරි කරන පලාත්වල සිදුවීම් පිළිබඳ තොරතුරු මහජනතාව හමුවට ගෙන ඒම ස්වකීය ඒකායන අරමුණ කොටගත් මාධ්‍යවේදීන්ට කරන අමානුෂික පහරදීම් මුලතිව් මාධ්‍යවේදීන්ගේ සංගමයත්, මුලතිව් මාධ්‍ය සමාජයත් දැඩි ලෙස හෙලා දක තිබේ.

ඒ අතරම, කිසිදු බාධාවකින් තොරව සිය වෘත්තීය කරගෙන යාමට හැකි පරිසරයක් සහතික කර දීමට මැදිහත් වන ලෙස මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ගෙනුත්, ජාත්‍යන්තර ආයතනවලිනුත් මුලතිව් මාධ්‍ය සමාජය වැඩි දුරටත් ඉල්ලා තිබේ.

කොළඹ පදනම් කරගත් ජනමාධ්‍ය සංවිධාන කිසිවක් වන්නියේ දෙමළ මාධ්‍යවේදියාට සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන් ගන්නා ලද පියවරක් අපට වාර්තා වී නැත.

මේ අතර වන්නියේ දෙමළ මාධ්‍යවේදියාට වධහිංසා  කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් දවසේම ඇප ලද සෙබලුන් තිදෙනා වන ඊරියකඳුරේ ගෙදර විපුල (36), දිනුක සඳරුවන් විජේරත්න (20) සහ තිවංක සංගීත් ධනංජය (21) ගැන පරීක්ෂණ පවත්වනු ඇත්තේ යුද හමුදාව මිස තමන් නොවන බව මුලතිව් පොලිසිය පවසයි.

 

වන්නියේ දෙමළ මාධ්‍යවේදියාට වධහිංසා  කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් දවසේම ඇප ලද සෙබලුන් තිදෙනා වන ඊරියකඳුරේ ගෙදර විපුල (36), දිනුක සඳරුවන් විජේරත්න (20) සහ තිවංක සංගීත් ධනංජය (21) ගැන පරීක්ෂණ පවත්වනු ඇත්තේ යුද හමුදාව මිස තමන් නොවන බව මුලතිව් පොලිසිය පවසයි.

 (සේයා - webnewslk.com)

 සබැඳි පුවත්

හමුදාව කටු කම්බි ඒතු තල්පිත්තකින් පහරදීලා : දෙමල මාධ්‍යවේදියා රෝහලට  

 


 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න‍‍


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්